-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තලංගම, බත්තරමුල්ල, සුභූති පූර ගැමුණු මාවතේ පිහිටි දෙමහල් නිවසක මුළුතැන්ගෙයක් තුළ මාධ්‍යවේදීනි මෙල් ගුණසේකර මෙනවිය ගෙල කපා ඝාතනය කළ සැකකාර තීන්ත බාස්වරයා මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින් ඊයේ (02) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගත් ‍පොලිසිය ඝාතනය වූ මෙල් ගුණසේකර මෙනවියගේ ජංගම දුරකථනය සහ එම නිවසෙන් සොරාගත් රු. 1200ක මුදල සොයාගෙන තිබේ.සැකකරු පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන මගින් තොරතුරු ලබා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව ‍පොලිසිය කියයි.

ඇයගේ මව පියා සහ සහෝදරයා ඊයේ පෙරවරුවේ පල්ලි ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ඝාතනය කොට තිබූ අයුරු දැක පළමුව දැක තිබුණි. පසුව ඔවුන් මේ පිළිබඳව 119 ‍පොලිස් හදිසි දුරකථන ඇමතුමට දන්වා ඇති අතර ඒ සමගම ක්‍රියාත්මක වූ තලංගම ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම ඝාතනය සිදුවූ නිවසට පැමිණ පරීක්ෂණ ඇරඹීය.

සිය පවු‍ලේ උදවිය පල්ලි ගොස් තිබූ හෙයින් මෙම මාධ්‍යවේදිනිය නිවසෙහි තනිව සිට ඇති බව ‍පොලිසිය පවසයි. එසේම මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඊයේ (2) පෙරවරු 7ත් 8.15ත් අතර කාල සීමාවේ බවද ‍පොලිසිය සඳහන් කරයි. ඒ අනුව ඝාතනය සිදු කළ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක (සොකෝ) නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කොට තිබුණි.

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන මෙල් ගුණසේකර මෙනෙවිය නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියකි. ඇය 1997 දී මාධ්‍යවේදිනියක ලෙස සන්ඩේ ටයිම්ස් පුවත්පතටද එකතු වී තිබේ. එහි ව්‍යාපාරික මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇය පසුව ඒ.එෆ්.පී. ප්‍රංශ පුවත් සේවයෙහි මාධ්‍යවේදිනියක ලෙස වසර පහක් කටයුතු කොට ඇත. ලංකා බිස්නස් ඔන්ලයින් වබේ අඩිවියේ සමාරම්භක කර්තෘවරියක ලෙස ද ඇය කටයුතු කොට තිබිණි.

ඇය මිය යන විට ෆිච් රේටින් ලංකා ආයතනයෙහි නියෝජ්‍ය සභාපති ධුරය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික අංශයේ රැකියාවක් කරමින් සිට තිබේ.
සාහසිකයා ඇය ඝාතනය කොට ඇත්තේ එම දෙමහල් නිවසේ මුළුතැන්ගේ තුළය. උඩුබෙලි අතට ඇය වැතිර සිටි බවත් ගෙල ප්‍රදේශයේ කැපුම් පහරක් දක්නට ලැබෙන බවත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

එසේම මෙල් ගුණසේකර මෙනවිය පදිංචිව සිටි දෙමහල් නිවසට යාබද තවත් දෙමහල් නිවසක ඊයේ (02) අසල්වැසියෙක් මේ සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

උදේ 7.30ට විතර එකපාරට බල්ලෝ බිරුවා. මේ ගෙදර බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. ටික වේලාවකින් බල්ලෝ බුරන සද්දේ නැතිවුණා. 8ට විතර ආයෙත් ගෑනු කෙනෙක් ගිරිය යටින් කෑගහන ශබ්දයක් ඇහුණා. මම බැල්කනිය උඩ ඉඳන් අවට විපරම් කළා. මේ ගෙදර වත්ත දිහාත් බැලුවා. ඒත් මුකුත් නැති නිසා මම ආයෙත් කෝපි බිබි හිටියා. 8.30ට විතර ආයෙත් මේ ගෙදරින් විලාප දීලා අඬන ශබ්දයත් ඇසුණා. එතකොට මම දුවලා මේ ගෙරදට ගියා. එතකොට මේ දුවව මරලා ඉන්නවා දැක්කා යැයි එම අසල්වැසියා කියා සිටියේය.

එසේම මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසයේ නිල සුනඛ අංශයේ රොකීද ගෙන්වා තිබිණි. මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සුදු යකඩ පිහියක් සහ ස්කුරුප්පු නියන් ඉව කළ රොකී එම නිවසේ සිට අශෝක වටරවුම ප්‍රදේශයේ මාර්ගයන් අසලට ගොස් නතර වූ බවද ‍පොලිසිය පවසයි.
රොකී සුනඛයා නතර වූ ස්ථානයෙහි සිට එම ඝාතනය සිදුවූ නිවස පිහිටි ස්ථානයට කිලෝ මීටරයකට ආසන්න දුරක් ඇති බවද විමර්ශන නිලධාරීහු පවසති.
සාහසිකයා එම ස්ථානයට වාහනයකින් පැමිණ මෙම නිවසට පාගමනින් පැමිණ ඇති බවට ඉන් අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

රොකී නිල සුනඛයා එක් අවස්ථාවක සුදු යකඩ පිහියට ඉව අල්ලා අශෝක වටරවුමේ අදාළ මාර්ගය අසල නතර වී තිබේ. පසුව ස්කුරුප්පු නියනට ඉව ඇල්ලූ රොකී එම ඉව ඔස්සේ ගොස් නතර වී ඇත්තේ පෙර නතර වූ මාර්ගය අසලමයි.
සුදු යකඩ පිහියෙහි ‍ලේ තැවරී තිබූ නිසා එම පිහිය ඝාතනයට යොදා ගත් පිහිය බවද ‍පොලිසිය පවසයි.

මෙම අපරාධය සිදුවූ ස්ථානයට ඊයේ (02) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් විජේසිරි මහතා සහ අධිකරණ වෛද්‍යවරයා පැමිණ ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කොට තිබුණි.

මෙල් ගුණසේකර මෙනවියගේ පියා ‍පොලිතින් නිෂ්පාදන ව්‍යාපාරිකයකු වන අතර එම කර්මාන්ත ශාලාව පිහිටි කොටසද ඝාතනය සිදුවූ නිවසට සම්බන්ධ පිහිටා තිබේ. ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරීන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙම ස්ථානයට ඊයේ (02) පැමිණ තිබුණි.

මෙම අභිරහස් ඝාතනය සෙවීම සඳහා තලංගම ‍පොලිසිය, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුළු ‍පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන අරඹුවේ ඒ අනුවය.
මෙම නිවසෙහි තීන්ත ගෑ තීන්ත බාස්වරයකු වූ සැම්සන් ජෝර්ජ් ඇන්තනී නමැති  සිව්දරු පියකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් දොම්පේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවය.දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම තීන්ත බාස් 39 හැවිරිදි වියෙහි පසුවන බව ද ‍පොලිසිය පවසයි.

ඉකුත් වසරෙහි දෙසැම්බර් මොහු මෙල් ගුණසේකර මෙනවියගේ ගෙදර තීන්ත ගෑම සඳහා පැමිණ ඇති බව ද ‍පොලිසිය පවසයි. මෙල් ගුණසේකර මෙනවිය ඇතුළු පවු‍ලේ පිරිස කතෝලික ආගම අදහන අතර ඉකුත් නත්තලට පෙර ඔවුන් ජීවත්වන නිවස තීන්ත ආ‍ලේප කිරීමට භාරදී තිබුණේ මොහුට බව ද ‍පොලිසිය කියා සිටී.

දින ගණනාවක් මොහු එම නිවෙසේ තීන්ත ආ‍ලේපන කටයුතු කර ඇති අතර නිවැසියන් සමග මිත්‍රශීලීව කටයුතු කර ඇති බව ද ‍පොලිසිය පවසයි. නිවසේ සිටින සුනඛයන් හතර දෙනාද මොහු සමග හිතවත්කමක් දක්වන බවද ඊයේ මොහු එම නිවසට පැමිණි අවස්ථාවේ සුනඛයින් මොහුට බුරා නොමැති බව ද ‍පොලිසිය පවසයි.

ඒත් මොහු එම නිවසට තාප්පයෙන් පැනපු අවස්ථවේදී පමණක් එම සුනඛයන් හතර දෙනා මොහුට බුරා ඇති අතර පසුව මොහු එම සුනඛයන් වෙතට ගොස් හිතවත්කම් පා නිවස කොල්ලකෑමට ඉස්කුරුප්පු නියන් හා පිහියක් රැගෙන නිවසට ඇතුළු වූ බව ‍පොලිසිය පවසයි.

ඊයේ ඉරිදා දිනයක් වූ නිසා එම පවු‍ලේ උදවිය ඉරිදා දේව මෙහෙයට සහභාගි වන බව ද මොහු දැන සිටි නිසා එම පෙරවරු හතත් අටත් අතර කාලය මොහු කොල්ලය සඳහා තෝරාගෙන ඇති බව ද ‍පොලිසිය පවසයි.

කොල්ලකෑමේ අරමුණින් මොහු නිවසට ඇතුළුවනවාත් සමගම නොසිතූ පරිදි මෙල් ගුණසේකර මෙනවිය නිවසේ සිටිනවා දුටු මොහු ඇයට මුලදී පහර දී ඇති බවත් පසුව ඇය ඔහුව හඳුනාගත් නිසා සිය අතේ තිබූ පිහියෙන් ගෙල සිඳ ඝාතනය කොට ඇති බව ද ‍පොලිසිය පවසයි.

මොහු සහ මෙල් ගුණසේකර මෙනවිය අතර ‍පොරබැදීමක් සිදුවී ඇති අතර පසුව මොහු ඇයව ඝාතනය කර ඇයගේ බ්ලැක්බෙරි ජංගම දුරකථනය ද රැගෙන එම නිවසින් පලාගොස් ඇත. පසුව මොහු පදිංචිව සිටින දොම්පේ නිවසට ගොස් ඊයේ පස්වරුවේදී මෙම සිද්ධියට සිතා කලකිරුණ නිසා යහමින් මත්පැන් ද පානය කොට තිබූ බව ද ‍පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මොහු පිළිබඳ තොරතුරු අදාළ CCTV දර්ශන මගින් ලබාගත් ‍පොලිස් කණ්ඩායම මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ද වෙරිමතින් සිටි බව ද ඔහු විසින් මෙල් ගුණසේකරව ඝාතනය කළ බව පා‍පෝච්චාරණය කළ බව ද රිවිර කළ විමසීමකදී උසස් ‍පොලිස් නිලධාරියෙකු පැවසීය.

මොහුව අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න, උප ‍පොලිස් පරීක්ෂකවරු වන ජයන්ත පෙරේරා, හේමන්ත කුමාර, ‍පොලිස් සැරයන් ප්‍රසන්න (56958), ‍පොලිස් කොස්තාපල්වරු වන බණ්ඩාර (21284), ප්‍රසන්න (40248), විපුල (51857), සමීර (81600), ප්‍රදීප් (84426) ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදී.
චාමර අමරසූරිය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos