-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ ජනයාගේ නිවාසවලට බලෙන් ඇතුළුවී රත්රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය ලැබූ ද්‍රවිඩ කුඩු ජාවාරම්කරුවකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.


සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද පවුම් 20ට වැඩි රත්රන් චේන් දෙකක් හා හෙරොයින් පැකට් එකක්ද අත්අඩංගුවට ගත් බව එම අපරාධ විමර්ශන අංශය පවසයි.
එම අපරාධ විමර්ශන කොට්ඨාසයේ උපපොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු ජංගම මුරසංචාරයේ යෙදෙන අවස්ථාවකදී සැකකරු එම නිලධාරීන් දෙදෙනා දැක පලායන විටදී අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ ජාතිකයන්ගේ නිවෙස් හතක් පමණ මෙසේ කොල්ලකා ඇති බවත්, ඔහු එම නිවාසවලට බලෙන් ඇතුළුවී නිවැසියන් මරා දමන බවට තර්ජනය කර රත්රන් පමණක් කොල්ලකන බවට සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගෙන ඇත. මෙසේ කොල්ලකනු ලැබූ රත්රන් පවුම් 55 කට වැඩි ප්‍රමාණයක් සැකකරු විසින් හෙට්ටිවීදියේ උකස් කඩවලට විකුණා ඇති බවටද අනාවරණය වේ.


අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු එම අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින හතක රඳවා තැබීමේ නියෝග මත රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත.


කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලන්ත රණවීර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, උපපොලිස් පරීක්‍ෂකවරුන් වන කේ.ටී.අයි. පෙරේරා, අජිත් මෙත්තානන්ද යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ලබයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week