-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් හයකෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා මැණික්‌ හා රත්‍රං කටුනායක ගුවන්බඩු ගම්මානයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (11දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස චෙන්නායි බලා අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් හාරකෝටි හැත්තෑ ලක්‍ෂයක්‌ වටිනා මැණික්‌ හා රුපියල් එක්‌කෝටි හැත්තෑලක්‍ෂයක්‌ වටිනා රත්‍රන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

පෙට්‌ටි දෙකක අසුරා තිබූ මෙම මැණික්‌වල වටිනාකම රුපියල් එක්‌කෝටි දසලක්‍ෂයක්‌ ලෙස රේගුවට ඉදිරිපත් කර තිබූ තොරතුරුවල සඳහන් බවත් නමුත් එහි වටිනාකම රුපියල් හාරකෝටි හැත්තෑලක්‍ෂයක්‌ වන බවත් එම මැණික්‌ අස්‌සේ රුපියල් එක්‌කෝටි හැත්තෑලක්‍ෂයක්‌ වටිනා ග්‍රෑම් 3404ක්‌ බර රත්‍රන් කැබලි 8ක්‌ සඟවා තිබූ බවත් ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

මෙම භාණ්‌ඩ අපනයනය කිරීමට සම්බන්ධ ගාල්ල ප්‍රදේශයේ සමාගමක හිමිකරුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පැන්සි සැµයර්, කිරිංචි, ගෝමේග, ඕපල්, චන්ද්‍රකාන්ති පාෂාණ යන මැණික්‌ වර්ග මෙලෙස චෙන්නායි බලා යෑවීමට සූදානම් කර තිබූ අතර ගෝමේද මැණික්‌ අස්‌සේ මෙම රත්‍රං සඟවා තිබූ බවත් ඒ මහතා පැවසීය.

කටුනායක ගුවන්බඩු ගම්මානයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන අතර අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය දිලිප් කුමාරතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ඩී. රත්නසිරි, භාතිය අබේරත්න, නියෝජ්‍ය රේගු අධිකාරී හා මැණික්‌ තක්‌සේකරු චන්නි ශාන්තප්‍රිය, අජිත් සිරිවර්ධන, ජී. එම්. රත්නායක යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week