-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් යොදාගෙන පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් සංවිධානාත්මක දෙමළ තරුණයන් කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඔවුන් සතුව තිබු ව්‍යාජ ලෙස සකස්‌ කළ ක්‍රෙඩිට්‌ කාඩ් පත් 560 ක්‌ ද සොයා ගෙන ඇත.අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් තිදෙනෙකුම කැනඩාවෙන් පිටුවහල් කළ දෙමළ තරුණයන් බව පොලිසිය පවසයි.

යුරෝපයේ රටවල ධනවත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල රහස්‍ය අංක ඉතාම සූක්‍ෂම ලෙස ලබා ගෙන ඇති සැකකරුවන් එම රහස්‌ අංක යොදා ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් මුද්‍රණය කර ඒවා යොදාගෙන ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ සැකකරුවකු මුලින්ම පොලිසියට කොටු වී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී ය. මෙම සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් අසාමාන්‍ය ලෙස මුදල් ලබා ගනිමින් සිටියදී එම බැංකුවේ ආරක්‍ෂක නිලධාරියා ඒ පිළිබඳව පරීක්‍ෂා කර ඇත.

ඒ අවස්‌ථාවේ සැකකරු ත්‍රිරෝද රථයකින් පළා ගොස්‌ තිබේ. පසුව බැංකු ආරක්‍ෂක නිලධාරින් ඒ ත්‍රිරෝද රථය පසුපස පන්නාගෙන ගොස්‌ වැල්ලවත්ත පොලිසියේද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත භාර දී ඇත්තේ ඉන් පසුවය. එහිදී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මොහු බම්බලපිටියේ පිහිටි පෞද්ගලික බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 16 ක්‌ ඒ මොහොතේ ව්‍යාජ ක්‍රෙඩිට්‌පත් යොදා ගෙන ලබාගත් බවයි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම සංවිධානාත්මක ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව දෙහිවල ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක්‌ වටකළ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් එහි සිටි මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් දෙමළ ජාතිකයන් තිදෙනකු සහ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම නිවසේ තිබී සැකකරුවන්ට අයත් ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් 560 ක්‌, ඒවා මුද්‍රණයට යොදා ගන්නා යන්ත්‍රයක්‌, පරිගණක 2 ක්‌, ලැප්ටොප් දෙකක්‌ ඇතුළු තවත් උපකරණ රැසක්‌ සොයා ගෙන තිබේ.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම ජාවාරම ඉතාම සංවිධානාත්මක ලෙස කාලයක සිට කරගෙන ගොස්‌ ඇති බවයි.

මෙම කල්ලියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. මොවුන් ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් යොදාගෙන කොපමණ මුදලක්‌ ලබාගෙන ඇත්දැයි මේ වනතුරු හෙළි වී නැත. එහෙත් එම මුදල රුපියල් කෝටි ගණනක්‌ විය හැකි බවට පොලිසිය සැක පහළ කරයි.

සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා, පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. ජී. රත්නායක ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week