-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරස මාධ්‍ය භාවිතයට චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා මාතර අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ඊයේ (11දා) ඉවත දැමීය. අපරාධ නීති සංග්‍රහයේ 81 වැනි වගන්තිය අනුව ගොනු කළ මේ පෙත්සමෙන් සමරවීර මහතා සඳහන් කෙළේ සිරස මාධ්‍ය භාවිතය හේතුවෙන් රටේ සාමයට බාධාවක් වන හෙයින් එහි සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අධිකරණයට ගෙන්වා එලෙස මාධ්‍ය භාවිතය නොකරන ලෙස සහතික වන බැඳුම්කරයකට යටත් කරන ලෙසයි.


පළමු දිනයේ අධිකරණයෙන් රාජමහේන්ද්‍රන් මහතාට දෙසැම්බර් 11 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා නොතීසි නිකුත් කළ පසුව රාජමහේන්ද්‍ර වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර නීතිඥයන්ගේ කරුණු දැක්වීමෙන් පසු රාජමහේන්ද්‍රන් මහතා අධිකරණයට පැමිණීම අවශ්‍ය නොවන බව අධිකරණය විවෘත උසාවියේ ප්‍රකාශ කෙළේය.


ඊයේ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කරුණු දක්වමින් පැවැසුවේ සිරස රටට ඉතා යහපත් හිතකර මාධ්‍ය භාවිතයක් පවත්වා ගෙන යන බව රට වැසියාම පිළිගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතාගේ පෙත්සම යථාර්ථයෙන් තොර බවද කැපිටල් මහරාජ ආයතනය යටතේ පවත්වාගෙන යන සිරස සමූහ ව්‍යාපාරයක එක අංශයක් බවද එහි අධ්‍යක්‍ෂවරු 15 දෙනෙක් සිටින සමාගම් සමූහයක් එක්ව ගොඩනැඟූ ව්‍යාපාරයක් බව අර්ස කුලරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
සමාගම් කීපයක් එක්ව සමූහ ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන ආයතනයක කටයුතු සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂවරුන් සියලු දෙනාම වගකිව යුතු බව පැහැදිලි කළ ජනාධිපති නීතිඥවරයා ආර්. රාජමහේන්ද්‍රන් මහතා එක් පුද්ගලයකු පමණක් බවත් එක පුද්ගලයකුට පමණක් වගකීම පැවරීම නොහැකි බව පැවසීය.


පැමිණිලිකාර මන්ත්‍රිවරයාද මෙහි වගකීම කාට පැවරෙනවාද යන්න ප්‍රශ්නයක් තිබෙන මෙන් අපරාධ වගකීමක් නොවන බවද සිවිල් වගකීමක් බවද පැවසීය. මෙවැනි තත්ත්වයකදී එක් අයකු පමණක් වගඋත්තරකරු කිරීම කළ පමණින් අධිකරණය හමුවේ නීතියට අනුකූල පෙත්සමක් නොමැති බවද සඳහන් කෙළේය.
එහෙයින් මේ පෙත්සම ඉවත දැමිය යුතු එකක් හෙයින් එය ඉවත දමන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මේ සිද්ධියේදී පහර කෑමෙන් සහ හිරිහැරයට පත්වීමෙන් අගතියට පත් සිරස වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ සිද්ධිය වූ දිනයේ සිරස ආයතනය මහජනයාට මෙම අසාධාරණය දැක බලා ගැනීමට අවස්ථාව දීම මහඟු සේවයක් බවයි.
මේ රටේ සෑම වැදගත් සිද්ධියක්ම මහජනයාට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් මහඟු සේවයක් කරන බවද මෙහි අසාධාරණ පාර්ශ්වය කවුද? ඊට වගකිව යුතු අය කවුද යන්න රටට දැක ගැනීමට ලැබුණේ සිරස නිසා බවද ගුණරත්න මහතා පැවසීය.
මේ සියල්ල පිළිගත් අධිකරණය පෙත්සම ඉවත දැමීය.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙහිදී පෙනී සිටියේ ජී.ජී. අරුල් ප්‍රගාසම්, යූ.ආර්. ද සිල්වා, නලින් ඉන්ද්‍රතිස්ස, සුසිර දිනාල්, වසන්ත බටගොඩ, නෙරන්ජන් අරුල්ප්‍රගාසම්, තේජිත කොරලගේ, ප්‍රියානි රත්නායක, පුලස්ති රූපසිංහ, නදි සරත්චන්ද්‍ර, නාමල් කරුණාරත්න නීතිවේදීන් සමඟය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week