-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලංකාවේ ගුවන් සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක (රුපියල් කෝටි 20,800) මුදලක් ආයෝජනය කොට නව ගුවන් යානා 13ක් මිලදී ගැනීමට සූදානම් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

ඒ අනුව ඒ 330-300 නව එයාර් බස් 6ක් සහ ඒ 350-900 නව එයාර් බස් 7ක් අලුතින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එක්වන බවද ඒ වෙනුවෙන් ගිවිසුම් සදහා දැනටමත් අත්සන්කර තිබෙන බවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
මෙහි මුල්ම ගුවන් යානා හය (ඒ 330-300) එළඹෙන 2014 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙරටට ලැබෙන බව පෙන්වාදෙන ඒ මහතා තවත් ගුවන් යානා තුනක් (ඒ 350-900) ලබන 2017 වසරේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන බවද පෙන්වාදෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආදායමට සාපේක්ෂව වියදම් අවම කිරීම සහ පවත්නා ගුවන් යානා වෙනුවෙන් වැයවන අධික ඉන්ධන ප්‍රමාණය අවමකර ගැනීම නව එයාර්බස් ආනයනය කිරීමේ මූලික අරමුණ බව සඳහන් කරන කපිල චන්ද්‍රෙස්න මහතා දැනට පවත්නා පැරැණි ගුවන් යානා 13ක් කල්බදුකරුවන් වෙත ලබාදී නවීන පන්නයේ ගුවන් යානා ලබාගැනීමට සූදානම් බවද කියාසිටී.

පසුගිය කාලයේදී ගුවන් සේවය වෙනුවෙන් ආයෝජනය කිරීම අවම මට්ටමක පැවැති බව සදහන් කරන ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් ගුවන්සේවා කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් නිවැරැදි තීරණය කෘතවේදීව සිහිපත් කරන බවද සඳහන් කරයි.

ඒ අනුව ලෝකයේ සෙසු ගුවන් සේවාවන්ට සාපේක්ෂව ශ්‍රී ලන්කන් සමාගමටද නවීනතම ගුවන් යානා එක්වන බව පෙන්වා දෙන ඒ මහතා එළඹෙන 2023 පමණ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නවීනතම ගුවන්යානා ඇණියකින් සමන්විත වන බවද පෙන්වා දෙයි.

මේ අතර ඒ මහතා සඳහන් කරන්නේ සියලු ගුවන් සේවා කටයුතු ගත්විට ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සියයට 3.8ක දායකත්වයක් ලබාදෙන බවත් එයින් සියයට 2.2ක ප්‍රමාණයකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හිමිකම් කියන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week