-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උතුරේ දෙමළ නිජ භූමියට එරෙහිව දකුණේ සිංහල ආණ්ඩුව දියත් කර ඇති මර්ධනය ඉදිරි මාස දෙකක තුනක කාලය තුල නවතා නොදැමුවහොත් තුන්වැනි මාසයේ සිට ජනතාව සංවිධානය කර උතුරේ මහා අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කරන්නේ යයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා සමඟ පැවති සාකච්චාවේදීය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මේ හමුව පැය දෙක හමාරක පමණ දීර්ඝ කාලයක් තිස්සේ පැවති බවද උදයන් දෙමළ පුවත්පත වාර්තා කරයි.

‘උතුරු පළාත හමුදාකරණය කරමින් සිංහලයන් පදිංචි කරවනවා. හමුදාව විසින් අත්පත් කරගත් වලිකාමම් උතුර, පළාලි, සාම්පූර් දෙමළ මිනිසුන්ගේ ඉඩම් නැවත මෙතෙක් ආපසු ලබා දී නෑ. ළමුන්ට ඉගෙනගන්න තිබෙන පාසැල්, කෝවිල් හමුදාව විසින් අල්ලා ගන්නවා.

මේවා බලන්න යන උතුරේ මහ ඇමතිට හමුදාව යන්න දෙන්නේ නෑ. උතුරු පළාත් සභාවට හිමි බලතල මධ්‍යම රජය ලබා දෙන්නේ නෑ.

2014 අයවැයෙන් ආරක්‍ෂක වියදම් ලෙස විශාල මුදලක් වෙන් කරලා. යුද්දය ඉවර වෙලා වසර 04ක් ගිහිනුත් ඇයි ආණ්ඩුව මෙපමණ ආරක්‍ෂක වියදමක් වෙන් කරන්නෙ.

ඉදිරි මාස 2-3ක කාලය තුල ශ‍්‍රී ලංකා රජයේ මේ වැරදි ක‍්‍රියාකාරකම් වහා නවතා නොදමන්නේ නම් තුන්වැනි මාසයේ සිට අප උතුරේ ජනතාව පෙළගස්වා මහා අවිහිංසාවාදී අරගලයක් අරඹනවා’ යයිද දෙමළ සන්ධාන නායකයා පැවසූ බව උදයන් වාර්තාවේ දැක්වෙයි.

මීට ප‍්‍රතිචාර දක්වමින් ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ‘උතුරට බලය දීම ගැන මම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක්ක කතා කලා. ඔබලා කලබල වී හදිසි තීරණ ගන්න එපා. හොඳ දෙයක් ඉදිරියේදී සිදුවේවි’ යයි සඳහන් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week