මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක අද දහවල් සිදු වූ කොල්ලයට සම්බන්ධ යතුරු පැදිය සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතනවා. කොල්ලකරුවන් පැමිණ ඇත්තේ පාදුක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ WP UD 3125 අංකය දරන යතුරුපැදියෙන් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. යතුරුපැදිය පිළිබඳ තොරතුරු ඇතොත් වහාම දැනුම් දෙන ලෙසයි මොරටුව පොලිසිය ඉල්ලා සිටියේ.
යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලය සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය පැවසුවා. එහිදී කොල්ලකා ඇතැයි සැලකෙන මුදල රුපියල් 7,77,000ක්. බැංකුවේ සවිකර තිබූ සී.සී.ටීවී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.