-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ ඇමරිකානු ජාත්‍යන්තර සමූහ සමාගමේ අනු සංස්ථාවක් වන ජාත්‍යන්තර කල්බදු මුල්‍ය සමාගම දොළොස් අවුරුදු කල්බදු ගිවිසුමකට පසුගියදා අස්සන් තැබීය.


මෙම කල්බදු ගිවිසුමට අත්සන් තැබුණේ ඒකාබද්ධව එයාර්බස් ඒ 350 - 900 ගුවන් යානා තුනක් මිලදී ගැනීම සදහාය.
එම නව ගුවන් යානා මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දිගු දුර ගමනාන්තවලට යෙදවීමට සැලැසුම්කර ඇතැයි පැවසේ.

ජාත්‍යන්තර කල්බදු මුල්‍ය සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවාව සමඟ ශක්තිමත් සහ වැදගත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම ඉතා අගය කොට සලකන බව ජාත්‍යන්තර කල්බදු මුල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි හෙන්රි කූර්පොරොන් මහතා මාධ්‍යට පවසා තිබිනි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වය උදෙසා එහි ගුවන් යානා ඇණිය නව්‍යකරණය කිරීම කැපී පෙනෙන බවත් ඒ මඟින් උසස් මට්ටමේ සේවාවක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවටත් ඔහු විශ්වාසයද පලකර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා  මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණියට ප්‍රථම වරට එයාර්බස් ඒ 350 ගුවන් යානා ඇණියක් එක්වීම ගුවන් සේවාවේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බවයි.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම අමතර එයාර්බස් ඒ 350 ගුවන් යානා 4 ක් උදෙසා ඍජු ඇණවුමක් සිදුකර ඇති බවද හෙතෙම මෙහිදී හෙළිකර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week