-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වේයන්ගොඩ කීනවල දී ඊයේ දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැත්තියගේ සැමියා වන ඉන්දික නීල් ජයමාන්න නැමැත්තාට අද වතුපිටිවල රෝහල් භූමියේදී කාන්තාවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මියගිය 
මංජුලා එරන්දිගේ නැදෑ කාන්තාවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහු අද පැවැති මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා දී රෝහලෙන් පිටතට පැමිණෙද්දීම මෙම කාන්තාවන් පිරිස ඔහු වටකරගෙන ඔහුට පහර දී තිබෙනවා. 

‘තෝව මරනවා..... තෝ නිසා තමයි අපේ මංජුලා මැරුණේ....’’ යනුවෙන් බැන වදිමින් ඔහුට කාන්තාවන් විසින් පහර දී ඇති අතර පොලීසිය මැදිහත් වී ඔහුව බේරාගෙන තිබෙනවා. 

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

වේයන්ගොඩ පොලිස්‌ වසමට අයත් කීනවල ප්‍රදේශයේදී ඊයේ (13 දා) දහවල් මවක්‌ සිය දියණියන් දෙදෙනා සමඟ යාල්දේවි දුම්රියට පැන ඇති අතර එහිදී මව හා එක්‌ දියණියක එම ස්‌ථානයේදීම මරුමුවට පත්වී තිබේ.

අටහැවිරිදි වැඩිමහල් දියණියගේ ජීවිතයට අනතුරක්‌ සිදුවී නැති අතර ඇය දැන් වේයන්ගොඩ පොලිසිය භාරයේ පසුවේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ පන්නල, හොරවඩුන්න පදිංචිව සිටි පී. ජී. මංජුලා එරන්දි ප්‍රියශාන්ත (32) නමැති මව හා අවුරුදු එකහමාරක්‌ වයසැති වරුණි නමැති ඇගේ බාල දියණිය බව පොලිසිය සඳහන් කරයි.

කිලිනොච්චිය සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ දුම්රියට මොවුන් පැන දිවි නසාගෙන ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. දිවි නසාගත් මව පෙර පාසල් ගුරුවරියක බවත් සැමියාගේ පවුලේ අයගෙන් නිතර හිරිහැර පීඩා සිදුවීම සම්බන්ධයෙන් ඇය දැඩි කලකිරීමෙන් සිට ඇතැයි හෙළි වූ බවත් පොලිසිය පවසයි.

මෙම මව දිවි නසා ගැනීමට නිවසින් පැමිණීමට පෙර ද නිවසේදී ආරවුලක්‌ ඇති වී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. "මා විසින් බිහි කරපු දරු දෙදෙනා මම ම මරාගෙන මමත් මැරෙනවා" යනුවෙන් එම මව ලියූ ලිපියක්‌ ද ඇය ළඟ තිබී පොලිසියෙන් සොයාගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week