-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කල්ඉකුත් වූ ඔෟෂධවල කල්ඉකුත් වීමේ දින ව්‍යාජ ලෙස වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමේ නියුතුව සිටියදී අසුවූ ඔසුහල් සහ ඊට අදාළ නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරා එම ආයතන ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගන්නේ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසයි.

කල්ඉකුත් වූ බෙහෙත් තොග ගබඩා කර තබා එසේ ව්‍යාජ ලෙස දින වෙනස් කිරීමේ ජාවාරමේ නියුතුව සිට
අසුවන ඔෟෂධ ආයතන සහ සමාගම් අසාදු ලේඛන ගත කර (බ්ලැක් ලිස්ට්) බලපත්‍ර අවලංගු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බවද ඒ මහතා කීය.
ගබඩා කර තිබූ කල්ඉකුත් වූ සේලයින් ඇතුළු රුපියල් මිලියන අනූවකට අධික බෙහෙත් තොග පසුගියදා කරන ලද වැටලීමකදී අසුවූ බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා පවසයි.

මෙසේ කල්ඉකුත් වූ ඔෟෂධ අලෙවි කරන ඔෟෂධ අලෙවිසල් පිළිබඳ මහජනයා දැනුම්වත් කරන ලෙස වෘත්තීය සමිති රැසක්ද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර තිබිණි.

එවැනි ඔෟෂධ හල්වල නම් ප්‍රසිද්ධ කිරීමෙන් අහිංසක රෝගීන්ගේ ජීවිතවලට එල්ල වන අවදානම නැතිකර ගත හැකි බවත් වෘත්තීය සමිති පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් 'මව්බිම' සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය මඟින් සිදුකරන ලද වැටලීම්වලදී හසුවී ඇති ඔෟෂධ ආයතන පිළිබඳ වාර්තාවක් කඩිනමින් ගෙන්වාගෙන ඊට අදාළ පියවර ගන්නා බවයි.

මේ අතර ජාතික සුවඳ විලවුන් සහ ඔෟෂධ අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන වෛද්‍ය අමල් ද සිල්වා මහතා පත්කොට ඇත.
ඒ මහතා පසුගිය සති අන්තයේ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week