-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකාර යුවළක් අත්අඩංගුවට ගැනීමට ගිය විශේෂ පොලිස් කණ්ඩායම් 5ක නිලධාරීන්ට ගම්වාසීන්ගේ ප්‍රබල විරෝධතා නිසා රාජකාරිය අත්හැර ආපසු පැමිණීමට සිදුවූ පුවතක් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මිරිහාන, වැල්ලම්පිටිය, දෙමටගොඩ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානවලට අනුබද්ධ පොලිස් කණ්ඩායම් හා එක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීමට ගොස් ඇති අතර එහිදී ගම්වාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මෙහෙයුම අත්හැර දමන්නට සිදුව ඇත.පසුගිය 2 වැනිදා සවස 3.00ට පමණ මෙම වැටලීම සිදු කිරීමට වැල්ලම්පිටිය පොලිසිය ප්‍රථමයෙන් ගොස් ඇති අතර වැටලීමට ගම්වාසීන් විරුද්ධවීම හේතුවෙන් අනෙක් පොලිස් කණ්ඩායම්ද එම ස්ථානයට කැඳවා තිබේ.

එහෙත් පොලිස් කණ්ඩායම් සියල්ල එක්වුවද මෙම වැටලීම කිරීමට ගම්වාසීන් ඉඩ ලබා නොදීම හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් කල්මරා හිස් අතින් ආපසු ඒමට ඔවුන්ට සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් පසුව කිහිප වරක්ම නැවත වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් අදාළ සැකකරුවන් සොයා ගොස් ඇතත් එම සැකකරුවන් වැනි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමටද නොහැකි වී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කෙළේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවකු පිළිබඳ ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට මෙකී පොලිස් කණ්ඩායම් එහි ගියද ගම්වාසීන්ගේ විරෝධය හමුවේ මෙහෙයුම අත්හැර දැමීමට සිදුවූ බවත් සාමය කඩවීමට ඉඩනොදී පොලිස් කණ්ඩායම් එම ස්ථානයෙන් ඉවත් වූ බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week