-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැබිතිගොල්ලෑව, අලුත්හල්මිල්ලෑව ප්‍රදේශයේ ගංජා විකිණීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට (03 දා) සවස එහි ගිය කැබිතිගොල්ලෑව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් විරෝධය දැක්‌වූ කාන්තාවන් සිව් දෙනකු කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(03 දා) සවස 3.00 ට පමණ පොලිස්‌ නිලධාරීන් කැබිතිගොල්ලෑව, අලුත්හල්මිල්ලෑව ප්‍රදේශයට ගොස්‌ ගංජා සමග සැකකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහුගේ ඥතීන් බව කියන කාන්තාවන් පොලිස්‌ නිලධාරීන්හට විරෝධය පළ කොට සැකකරු මුදා ගැනීමට තැත්කර තිබේ.

එහිදී පොලිස්‌ නිලධාරීන් විසින් එම කාන්තාවන් සිව්දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු මුදාගැනීමට තැත් කළ කාන්තාවන් සිව් දෙනා ඊයේ (04 දා) මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර කැබිතිගොල්ලෑව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සරත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week