ශ‍්‍රී ලංකාව කේන්ද්‍රස්ථානය කර ගනිමින් මැද පෙරදිග ඍටවලට හෙරොයින් බෙදා හැරීමේ නියුතු වූ කෝටිපතියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි බලා ගුවන්ගත වීමේ සූදානමින් එම පුද්ගලයා සිය අනියම් බිරිද සමග මොටර් රථයක නැගී කටුනායක ගුවන් තොටුපළ දක්වා ගමන් කරමින් සිටියදී සීදුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.
මෙම පුද්ගලයා පිළිබදව තොරතුරු හෙළි වී ඇත්තේ පසුගිය නොවැම්බර් 5 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී හෙරොයින් කිලෝ 30ක් සමග අත්අඩංගුවට ගත් නයිජීරියානුවාගෙන් සිදුකල ප‍්‍රශ්ණ කිරීම්වලදීය.