පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම උද්දාමයට පත්ව සිටි අවස්ථාවේ අතිශය හැඟීම්බර දසුනක් කැමරාවල සටහන් විය.
ඒ, ලකුණු 52ක් රැස් කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඍජුව දායක වූ කුමාර් සංගක්කාරගේ බිරිඳ සිය සැමියා සමග සතුට සැමරූ අවස්ථාව යි.
එම තරගය කුමාර් සංගක්කාරගේ අවසන් ජාත්‍යන්තර පන්දු වාර 20 තරගය වීම ද මෙම සුබ පැතීමේ විශේෂත්වයට තව ත් අරුතක් එක් කළේ ය.