වීරකැටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු වීරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකර අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇති අතර එහිදි ඔහු අදාළ මුදල් නෝට්ටුව ලබා දී ඇත.
එහිදී අයකැමියාට මුදල් නෝට්ටුව පිළිබඳ සැකයක් ඇතිවී ඇති අතර එහිදී දැනුවත්කර නෝට්ටුව ලබාදුන් පුද්ගලයා ද වීරකැටිය පොලිසියට ඉදිරිපත් කර තිබේ.
සැකකරු වීරකැටිය, යක්ගස්මුල්ල, කපුකොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.