මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගරයේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විසින් ග්‍රහණය කර ගනු ලැබූ ස්පන්දන සංඥා ගුවන් යානාවක කළු පෙට්ටියකින් නිකුත් කරන සංඥා බවට පිළිගත හැකි සාධක ඇතැයි, ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අතුරුදන් යානය සොයා මෙහෙයුම්වල නිරත කණ්ඩායම් සම්බ්න්ධීකරණ මධ්‍යස්ථානය ඒ බව නිවේදනය කර ඇති බව ය.
කෙසේ වෙතත් එම ස්පන්දන සංඥා නිකුත් වන්නේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ම ද යන්න පිළිබඳව බලධාරීන් තවම ත් නිගමනය කර නොමැත.
අතුරුදන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගරයේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විසින් අවස්ථා දෙකකදී ස්පන්දන සංඥාවන් ග්‍රහණය කර ගනු ලැබූ බව ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.
අතුරුදන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුම සඳහා මේ වන විට ගුවන් යානා 12ක් නෞකා 13ක් යොදවා තිබේ.
පසුගිය 8 වන දා මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 ගුවන් යානයේ අතුරුදන් වීම පිටුපස ඇති අභිරහස හෙලි කර ගැනීමට ඇති එකම උපකරණය වන්නේ යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම යි.