-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලින් මිදී පලායෑමට උත්සහකළ ඩිපෙන්ඩර් රථයක්  පැදවු රියදුරෙක් අත් අඩංගුවට ගැනෙයි.ඊයේ(14)සවස කැකිරාව පොලීසිය මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව නගර සභාවේ මංත‍්‍රීවරයකු ගමන් ගත් ඩිපෙන්ඩර් රථයක් බැව් පොලීසිය කියයි. අත්අඩංගුවටපත් කලූපැහැති ඩිපෙන්ඩර් රථයේ වීදුරු සියල්ල කළු පැහැ කර තිබූ අතර එහි අංකය WP- LD 9643 ලෙස සදහන්ව තිබිණ. 

එහි ඉදිරිපස වීදුරුවේ රාජ්‍ය ලාංඡනය හා අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සදහන් ස්ටිකරයක් ද අලවා තිබෙනු දැකිය හැකි විය. ඩිපෙන්ඩර් රථයේ සිටි බව කියන මංත‍්‍රීවරයා යම් පුද්ගලයකුට සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන එම දුරකතනය කැකිරාව පොලිසියේ උසස් නිලධාරියකුගේ කණේ තබන අයුරු ද අපට දැකගත හැකි විය. 

සිද්දිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැකිරාව පොලීසියේ උසස් නිලධාරියකු කියා සිටියේ ඩිපෙන්ඩර් රථය පලා යෑමක් සිදු නොවූ බවත් බීමත්ව රියපැදවීමේ චෝදනාවට එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සිද්දිය දුටුවන් පවසනුයේ පොලිසිය මග හරස්කොට වේගයෙන් ධාවනය වෙමින්තිබූ ඩිපෙන්ඩර් රථය නවතා ගත් බවයි. 

කැකිරාව නගරාසන්න ප‍්‍රදේශයකදී රථවාහන රාජකාරියේ යෙදී සිට ඇති පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ ජීප් රථය නවතා පරීක්ෂා කිරීමට සූදානම්වූ අවස්ථාවේ අදාළ ඩිපෙන්ඩර් රථය ඉන් මිදී මෙලෙස පලායෑමට තැත්කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.   

රියදුරුට අමතරව මොරටුව නගර සභාවේ මංත‍්‍රීවරයකු ද තවත් අයෙකු ද කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවටපත් ඩිපෙන්ඩර් රථයේ ගමන් කරමින් සිටි බැව් පොලිසිය කියයි. අත්අඩංගුවටපත් ඩිපෙන්ඩර් රථයේ රියදුරු බීමතින් සිටි බැව් පරීක්ෂණවලදී හෙළීවූ බවත් ඔහු මොරටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කැකිරාව පොලිසිය කියයි.
අත්අඩංගුවටපත් රියදුරු කැකිරාව දිසා /මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos