-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොටදෙණියාව, වරාදල ප්‍රදේශයේ පාසල් සිසුවියක්‌ ගෙල වැළලාගෙන මියගොස්‌ තිබේ. 16 වැනිදා අලුයම 1.00 ට පමණ තම නිවසේ ඉදිරිපස ඇති ගසක එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවකි. මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුද, බාල සහෝදරයෙක්‌ හා සහෝදරියක්‌ද ඇත. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා විවාහ වී වෙනම ජීවත්ව ඇත. 

බාල සහෝදරයා සහ සහෝදරියත්, පියාත් සමග මියගිය සිසුවිය වරාදල නිවසේ ජීවත්ව ඇත. මෙම පවුලේ මව විදේශගතවී ඇත. නිවස ආසන්නයේ තරුණයෙකු සමග මෙම ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන සිට ඇත. එම තරුණයා මීට දින 7 කට ඉහතදී හදිසි අනතුරකට ලක්‌ව මියගොස්‌ තිබේ. 

එම තරුණයා මියගොස්‌ හත් දවසේ ධර්ම දේශනය දවසේ මෙම සිසුවිය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත. ඇය තම මව නොමැතිව නංගී සහ මල්ලීව රැක බලා ගනිමින් ඉතා කටුක ජීවිතයක්‌ ගත කළ බවත් ප්‍රේම සම්බන්ධය නිසා එය සුළු ප්‍රමාණයකින් යටපත් වූ බවත් තමා ආදරය කළ තරුණයාද තමන්ට අහිමි වී ඇති බවත් තමන්ද තම පෙම්වතා ගිය ලෝකයට යන බවත් සඳහන් කර ලිපියක්‌ ලියා සිසුවිය දිවි හානි කරගෙන ඇත.

එම ලිපිය කොටදෙනියාව පොලිස්‌ භාරයට ගෙන තිබේ. 

කොටදෙනියාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුජිත් උදය කුමාර මහතාගේ මූලිකත්වයෙන් පො.සැ. (32638) ජී. ඒ. රෝහණ, පො. කො. (34255) රාජපක්‌ෂ යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos