-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලියාරා සංගීත කණ්‌ඩායමේ ගායක දුලාන් වේරලියද්ද කණ්‌ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තර්ජනයකොට ඇතැයි වාර්තා වේ.

සේනානායක වේරලියද්ද විසින් මෙසේ තර්ජනය කොට ඇත්තේ ලියාරා සංගීත කණ්ඩායමේ නායකයා වන ප්‍රසන්න ගුණසේකර වෙතය.  දුලාන් වේරලියද්ද යනු සේනානායක වේරලියද්දගේ ඥාති පුත්‍රයෙකි.

ඔහුගේ මවගේ වාසගමට වේරලියද්ද ඇති හෙයින් "දුලාන් වේරලියද්ද" යනුවෙන් නම භාවිතා කරන බව දුලාන් විසින් මාධ්‍යය හමුවේ පවසා ඇත. 

සේනානායක වේරලියද්ද, දුලාන් වේරලියද්ද කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව සිදු කල තර්ජනය පිළිබඳව පවසන්නේ මෙවැන්නකි. 

"දුලාන් වේරලියද්ද සේනානායක වේරලියද්දගේ ඥති පුතෙක්‌. මීට අවුරුදු පහකට විතර කලින් මට දුලාන්ව හමුවුනේත් ගලෙන් බිඳුණු වැව පැවැති ප්‍රසංගයකදී. ඔහු අපේ කණ්‌ඩායමේ ගායකයා. පසුගිය දවසක රජයේ නාලිකාවකින් ඇඹිලිපිටියේ සංවිධානය කළ සජීව ප්‍රසංගයක සංගීතය සැපයුවේ අපි. එහි ගී ගයන්න ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දත් ආවා. ඔහු වේදිකාව මතට ගොඩවෙලා තර්ජනය කළා "දුලාන්ව ස්‌ටේඡ් එකෙන් බැස්‌සුවේ නැත්නම් සිංදු කියන්නේ නෑ." කියලා.

සේනානායක වේරලියද්ද කියන්නේ අපි ගරු කරන ශිල්පියෙක්‌. මම ඔහුට සුහදව කිව්වා "දුලාන් අපේ බෑන්ඩ් එකේ... මට එයාව ස්‌ටේඡ් එකෙන් බස්‌සන්න බෑ..." කියලා. මම දන්න විදියට ඔහු අවුරුදු ගණනාවක ඉඳලා දුලාන්ට තර්ජනය කරනවා. වේරලියද්ද කියන නම පාවිච්චි කරන්න එපා කියලා. දුලාන් පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම. 

මම දන්න විදිහට සේනානායක වේරලියද්ද දුලාන්ගේ මාමා කෙනෙක්‌ වෙනවා. ස්‌ටේඡ් එකට ඇවිත් මට තර්ජනය කරද්දී ප්‍රසංගය සංවිධානය කළ අය සේනානායක වේරලියද්දට කිව්වා සිංදු කියන්න බැරිනම් යන්න කියලා. දුලාන් දැන් ගමේ ඉන්න බයයි. ඒ නිසා මම මේ දවස්‌වල ඔහුව කොළඹ නතර කරගෙන ඉන්නේ.."

මේ පිළිබඳ දුලාන් පවසන්නේ මෙවැන්නකි 

රාජරත්න ගෝමර බණ්‌ඩාරලාගේ වේරලියද්ද වළව්වේ ප්‍රියන්ති වේරලියද්ද මගේ අම්මා. මගේ තාත්තාගේ අම්මගේ වාසගමත් වේරලියද්ද..අම්මයි තාත්තයි නෑනලා මස්‌සිනාලා. මගේ අම්මගේ තාත්තයි.. සේනානායක වේරලියද්දගෙ තාත්තයි සහෝදරයින්. මම පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම. ඒකට මට අයිතියක්‌ තියෙනවා.

මට සිංදු කියන්නත් එපා, වේරලියද්ද කියන නම පාවිච්චි කරන්නත් එපා කියලා සේනානායක වේරලියද්ද මගේ මාමාගේ ගෙදරට ඇවිත් මට තර්ජනය කළා. පසුගිය දවසක දුටුවැව මහ ගෙදරදී සේනානායක මාමගේ කීමට මට ඇවිත් කෙනෙක්‌ පහර දුන්නා. ඒ පහර මගේ තාත්තට වැදිලා දවස්‌ කීපයක්‌ම රෝහලේ හිටියා. මට මේ අය තර්ජනය කරනවා කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.මගේ ජීවිතයට අනතුරක්‌ වුණොත් මේ අය වගකියන්න ඕනෑ කියලා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos