-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විටමින් B3 පෘතුවියෙන් පිටත නිර්මාණය වී පෘතුවියට ලැබුණු දෙයක් බව නාසා ආයතනය මඟින් නිකුත් කළ අලුත්ම වාර්තාවකින් කියවේ.

නාසා ආයතනයට අනුබද්ධ ගවේශන කණ්ඩායමක් විසින් මේ බැව් සොයාගන ඇති අතර මෙම විටමින් වර්ගය පෘතුවියට ලැබී ඇත්තේ කාබන් අධික උල්කාපාත සමඟය.

පරිවෘත්තීය ක්‍රියා සඳහා අත්‍යාවශ්‍ය විටමින් වර්ගයක් වන මෙය නිපදවුනේ ජෛව සාධකයන්ගෙන් තොරව බවත්, පෘතුවියේ මූලාරම්භ කාලයේ සිට නිර්මාණය වී තිබෙන බවත් මීට පෙර සොයාගන තිබුණි.

උල්කාපාතයක් සමඟ විටමින් B3 පෘතුවියට පැමිණි බව පළමුවරට සොයාගන තිබුණේ 2001දී කැනඩාවේ Tagish විල අසලින් සොයාගන්නා ලද උල්කාපාතයක් සමඟයි.

මෙම විටමින් වර්ගය පෘතුවියෙන් පිටත නිර්මාණය වී පෘතුවියට ලැබුණු බවට නිගමනය කිරීමට හේතු දෙකක් දායකවී තිබේ. එකක් නම් එම විටමින් වර්ගයට අයත් එකම රසායනික සූත්‍රයට අයත් අණු එකිනෙකට බැඳීමෙන් මෙම රසායනික සංයෝගය සෑදී තිබුණත් ඒවායේ පරමාණු බැඳී ඇත්තේ අහඹු වූ පිළිවෙලකට වීමයි.

අනෙක් කරුනැ නම් එම උල්කාපාත වල තිබූ විටමින් B3 ප්‍රමාණය උල්කාපාතයේ තිබූ ජලය ප්‍රමාණය සමඟ සම්බන්ධයක් තිබීමයි.

විශ්වයෙන් පිටතදී උල්කාපාත වල ඇති කාබන් සමඟ අයිස් එකතුවී මෙලෙස විටමින් සෑදී තිබෙන අතර පිරිඩයින් කාබන් ඩයොක්සයිඩ් යොදාගන ඒවාට අයිස් එක්කිරීමෙන් මෙම විටමින් වර්ගය සාදා ඒ බැව් තහවුරු කරගන තිබේ.
http://www.nasa.gov/content/goddard/vitamin-b3-might-have-been-made-in-space-delivered-to-earth-by-meteorites/

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos