ත්රිපොලි අගනුවර දකුණු කලාපයෙහි යුද හමුදා මුරපොලකට තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබුණ ප්රහාරයක දී සොල්දාදුවන් පහළොස් දෙනකු මරණයට පත් වූ බව ලිබියානු රාජ්ය ප්රවෘත්ති ආයතනය නිවේදනය කරයි.
බානි වලිඩ් සහ ටර්හුනා (Bani Walid and Tarhuna) යන නගර දෙක අතර මහා මාර්ගයක දී අද පාන්දර ප්රහාරය එල්ල කෙරුණ බව, ලිබියානු රාජ්ය ප්රවෘත්ති ආයතනය පවසයි.
ප්රහාරයේදී මරණයට පත් සොල්දාදුවන්ට අමතරව තවත් හතර දෙනෙක් වත් තුවාල ලැබ ඇති බවත් වාර්තා වෙයි.
ප්රහාරකයන් ස්වයංක්රීය තුවක්කු ඇටවූ වාහන වලින් පැමිණි බව, යුද හමුදා නිලධාරියකු උපුටා දක්වන වාර්තා මගින් පැවසෙයි. (- BBC)