එජාප නායකත්වයට හිතවාදී පිරිස් හා එරෙහි පිරිස් අතර ගැටුම මැතිවරණයකට පෙරත් පසුවත් මේ ආකාරයෙන්ම පැවති සාමාන්‍ය දෙයක් බවත් මෙහි අවසන් ප්‍රතිඵලය පක්ෂය දිනෙන් දින වළපල්ලට යෑම බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අනාගතයක් නොමැති පක්ෂයක රැඳී නොසිට තම බුද්ධිය මෙහෙයවා ජනපතිතුමන්ගේ වැඩපිළිවෙළ හා එක්වන ලෙස තමන් ඉතිරි වී සිටින එජාප පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජයසේකර මහතා කීය.
මේ මඩ ව්‍යාපාරය දියත්කළ පිරිස් වලට කුරුණෑගල ජනතාව නියම පිළිතුර ලබාදී තිබෙන බවත් අද එම පිරිස එජාපය තව තවත් වළපල්ලට ඇදගෙන යමින් සිටින බවත් හෙතෙම කීය. එදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කැරවීමට දකුණේ ඇරඹි ජනරැල්ල මෙවර ජනපතිවරණයේදී වයඹින් අරඹන බවත් පැවසීය.එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීමට තමන් අවංක උත්සාහයක් ගත් බවත් ඊට පක්ෂය තුළ ඉඩක් නොලැබුණ බවත් කී ඒ මහතා තමන් ශ්‍රී.ල.නි.ප. යට එක්වීමෙන් පසු කුරුණෑගල රැස්වීම් වලට පැමිණි එජාපයේ කථිකයින් පෞද්ගලිකව තමන්ට මඩ ප්‍රහාර එල්ල කරමින් චරිත ඝාතනය කළ බවද ප්‍රකාශ කළේය.