-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් ඇති කරන ලද්දක් බවට තොරතරු අනාවරණය වේ. පසුගියදා පැවැති ශිෂ්‍ය නිලවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමට සහාය නොදුන් හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බවට පහර කෑමට ලක් වු සිසු සිසුවියන් ප්‍රකාශ කැර තිබේ.
මෙම පහරදීමට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය පිරිසට ඔලුවිල්හී විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයේ සිසුන් පිරිසක් ද සමන්තුරේ ව්‍යවහාරික විද්‍යා පීඨයට පැමිණ තිබේ. මෙම සිසුන් පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ බවට වර්තා වන අතර මොවුන්ගේ පහරකෑමට ලක්ව ඇත්තේ කිසිම අන්තගාමී දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවද පැවසේ.

මොවුන් පොලු, මුගුරු, චේන් ආදියද රැගෙන තාප්පයෙන් පැන සමන්තුරේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වී සිසු සිසුවියන්ට පහර දුන් බවටද රෝහල් ගත වු සිසුහු සාක්ෂි දී තිබේ.

සමන්තුරේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙමළ, සිංහල හා මුස්ලිම් ඇතුළු විවිධ ජාතීන්ගේ සිසුන් මෙතෙක් කලක් සාමයෙන් යුතුව ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ වාර්ෂිකව තනතුරු දරමින් කටයුතු කර ඇති අතර ඉකුත් සති කිහිපයකට පෙර පැවැත්වු ශිෂ්‍ය සංගමයේ නිලවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් පිරිසක් ඉදිරිපත් වී තිබේ.

මෙම සිසුන්ට විරෝධය පළ කරමින් සමස්ත ව්‍යවහාරික විද්‍යා පීඨ සිසුන් ඔවුනට ඡන්දය දීමෙන් වැළකි සිට ඇති අතර මේ නිසි ව්‍යවහාරික විද්‍යා සිසුන් දෙපිරිසකට බෙදී තිබේ. මෙම පහරදිම සදහා එක්වු බවට සැකකරන සිසුන් 41 දෙනකු සම්මන්තුරේ පොලිසිය විසින් සිද්ධිය වු අවස්ථාවේ අත්අ‍ඩංගුවට ගෙන තිබෙන අතර තවත් 17 දෙනෙක් රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සිසුන් 58 දෙනා ඊයේ (04) සමන්තුරෙයි පොලිසීය විසින් සමන්තුරෙයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර මෙම 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. මේ පිරිස අතර සිසුවියන් තිදෙනකු සිටින බවද වාර්තා ‍වේ.

සිද්ධියෙන් තුවාල ලැබු සිසු සිසුවියන් 23 දෙනකු සමන්තුරේ රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ අතරින් දෙදෙනකුට සැලකිය යුතු තුවාල සිදු වී ඇතැයි පැවසේ.මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ව්‍යවහාරික විද්‍යා පීඨය පෙරේදා (03) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ගැටුමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ වන විට කටයුතු යොදා තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ද පැවැත්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos