-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එස්.බී.ට විරෝධය පෑවයි පේරාදෙණිය ශිෂ්‍ය සංගමය තහනම් කිරීමේ සූදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති සාදයකට සහභාගි වෙමින් සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීමේ සූදානමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.


ඉකුත් 8 වැනි දින රාත්‍රි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති සාදයකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදී සිසු පිරිසක් ඊට එරෙහිව විරෝධතාව පළ කිරීම සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවත් එසේ නොමැතිනම් ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම්කිසි තීරණයකට එළැඹීමට සිදු වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළ බවද මහා ශිෂ්‍ය සංගමය පවසයි.


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම නිසා බව සඳහන් කොට දිවයිනේ විශ්වවිද්‍යාල වසා දමමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයකුට නොගැළපෙන ආකාරයෙන් හැසිරෙමින්, ප්‍රකාශ නිකුත් කරමින් විශ්වවිද්‍යාල සිසුන්ට අපහාස කරන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීමට කිසිසේත්ම සූදානම් නොමැති බවත් මහා ශිෂ්‍ය සංගමය තහනම කළහොත් ඊට එරෙහිව දැඩි ශිෂ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහභාගි වූයේ සාදයකට නොව විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් යුතු සම්මේලනයකට බවය. මෙහිදී සිසු විරෝධතාවක් නොපැවැති බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහභාගි වූ සම්මේලනය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය අන්තර්ජාලයට මුදාහැර තිබූ අසත්‍ය ප්‍රකාශනයක් වහාම නිවැරැදි කිරීමට පියවර ගත යුතු බවට තමා ශිෂ්‍ය ක්‍රියාකාරීන් හට දැනුම් දුන් බවත් එසේ කරනතුරු සිසුන් සමඟ තමන්ගේ කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් උප කුලපති වැඩිදුරටත් සඳහන්
කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week