-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශරීරය වුවමනාවටත් වඩා සිහින් අය මහත් වෙන්න කැමතියි. ඒත් ඒ අය නිතරම කියන්නේ මං කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනේ කියලයි. තරබාරු අය කියන්නෙ මෙහි විරුද්ධ පැත්ත. මොන තරම් අඩුවෙන් කෑවත් බර අඩු කරගන්න බෑ’ කියලා ඔවුන් මැසිවිලි නගනවා. 

මුලින්ම අපි බලමු තරබාරු වීම සහ කෘශ වීම පිටුපස තිබෙන්නේ කුමක්ද කියලා. 

අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඇටසැකිල්ලත්, ඒ වටා ඇති මාංශපේශිත් ඊටත් පිටින් පිහිටි තෙල් තට්ටුවත් නිසයි. මාංශ පේශි අවශ්‍ය වෙන්නේ ශරීරය නැවීමට සහ දිග හැරීමටයි. තෙල් තට්ටුව නිසා ශරීරය උණුසුම්ව තබාගැනීමේ හැකියාව ලැබෙනවා. අයෝමය පුරුෂයා මහත් වන්නේ මාංශ පේශීින් නිසයි. නමුත් තරබාරු අයනේ එම තරබාරුවට හේතුව තෙල් තට්ටුව මහත් වීමයි. ඌරුමස්  ආහාරයට ගන්නා අය තෙල් තට්ටුව යනු කුමක් දැයි හොඳින් හඳුනනවා. අධික ලෙස තරබාරු අයගේත් සමට යටින් තිබෙන්නේ මෙවැනිම තෙල් තට්ටුවක්



මේ සියල්ල නිර්මාණය වන්නේ ඉතා ඉක්මනින් නොවෙයි. මෙය වසර ගණනක් තිස්සේ ඉතාමත් සෙමින් සිදුවන්නෙ. ඒ වගේම මෙය ගඩොල් බිත්තියක් නිර්මාණය වීම වැනි දෙයකුත් නොවෙයි. හැදීමත්, කැඩීමත්, නිරතුරුවම සිදුවෙනවා. හැදීම යනු තැන්පත් වීම. කැඩීම යනු පාවිච්චියයි. ඒ අනුව ශරීරය මහත්වීම කියන්නේ පාවිච්චියට වඩා තැන්පත් වීම වැඩි වීම බවත් කෘශ වීම යනු තැන්පත් වීමට වඩා පාවිච්චිය වැඩි වීම බවත් දැන් ඔබට පැහැදිලි ඇති. තැන්පත් වීම වැඩි වන්නේ ආහාර විශාල ප්‍රමාණයක් ශරීරයට උරා ගැනීම සහ ව්‍යායාම අඩු වීම නිසයි. කෘශ වීමට හේතුව සිරුරට උරා ගන්නා ප්‍රමාණය අඩු වීමයි.
ආහාර උරා ගන්නේ උදරය තුළදීයි. අප කන ප්‍රමාණය හා උරා ගන්නා ප්‍රමාණය අතර ලොකු සම්බන්ධයක් නෑ. තවදුරටත් පැහැදිලි කළොත් උරා ගැනීම අඩු කිරීමට අඩුවෙන් ආහාර ගත්තට පලක් නෑ. අඩුවෙන් කෑවත් ඔබ අධි ‍පෝෂණ ආහාර, එනම් තෙල්, පිටි, සීනි, අධික ආහාර ටිකක් ගත්තත් මහත් වීම නවත්වන්න අපහසුයි.
ඔබ උදේට මෝල්ට් කිරි පානයක් ගත්තේ යැයි සිතමු. එහි සීනි විශාල වශයෙන් අඩංගුයි. එයට ඔබ සීනිත් එකතු කර පානය කරන විට විශාල ප්‍රමාණයක් සීනි ශරීරයට ඇතුල් වෙනවා. මෝල්ට් පිටි වර්ගවල පමණක් නොව අනිකුත් සාමාන්‍ය කිරි පිටි වර්ගවලත් මේදය විශාල ප්‍රමාණයක් අඩංගුයි. උදේ ආහාරයට ‍පොල් සම්බෝල එකතු කර ගත් විට ඔබ උදය වේලට සෑහෙන්න මේදය සහ සීනි එකතු කර ගෙන අවසන්.
දවල් ආහාරයට සුදු පැහැති සහලින් පිසූ බත්, අල වර්ග, ‍පොල් කිරි, යොදා සකස් කළ ව්‍යංජන බැදුම්, තෙම්පරාදු ආදියත් සවස තේ සමග පැණි රස හෝ බැදුම් කෑමත් ගන්නා ඔබ සිරුරට බොහෝ සෙයින් සීනි, පිටි හා තෙල් එකතු කර ගන්නවා.
අපේ ශරීරය ඇස් දෙකෙන් නොයෙකුත් ආහාර  දකින විට කටට කෙළ උනන්නේ ඉබේමයි. එවිට අපට ඒවා ගන්න හිතෙනවා. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ ආශාවන් සමගයි.  දැන් ඔබ තරබාරු වන අන්දම ගැන ඔබට අවබෝධයක් තිබෙනවා.
ශරීරය අධික ලෙස කෘශ වූ කෙනෙකුගේ ස්වභාවය මීට වඩා වෙනස්. මේ අයගේ ශරීරයේ මාංශපේශි සහ තෙල් ප්‍රමාණය ඉතා අඩුයි. මේ අය උපතින්ම නිර්මාණය වී තිබෙන්නේ අඩු ආහාර ප්‍රමාණයකට ප්‍රිය පුද්ගලයෙක් ලෙසිනුයි. මෙවැනි අය පැණි රස වලට ස්වභාවයෙන්ම එතරම් ප්‍රිය කරන්නේ නෑ. ඔවුන් කුඩා ආහාර ප්‍රමාණයකින් ඉක්මනින් සෑහීමට පත් වෙනවා. මහ ගොඩක් කෑවා යැයි ඔවුන් කීවත් ඇත්තෙන්ම ඒ මහ ගොඩක් නොවෙයි. මෙසේ ලබාගන්නා ආහාරය ඉතා ඉක්මනින් පාවිච්චි කරන නිසා, එනම් සිරුරේ ඉක්මනින් දහනය වන නිසා ශරීරයේ තැන්පත් වීමක් සිදුවන්නේ නෑ. ඒ වගේම සිරුර කෘශ අයගේ ශරීරය සැහැල්ලු නිසා දුව පැන වැඩ කිරීමේ හැකියාවත් වැඩියි. ඒ නිසාත් ඔවුන්ගේ ශක්තිය දහනය වීම වැඩියි. නමුත් තරබාරු අය ඊට සාපේක්ෂව අලසයි. ශරීරය බර වැඩි නිසා ඔවුන්ට කෙට්ටු අයට වගේ ක්‍රියාශීලී වීමට නොහැකි වීම එක හේතුවක්. අනෙක තරබාරු අයට නිදි මත වැඩියි. ඔවුන්ගේ රාත්‍රි නින්ද නොදැනුවත්ම වාර ගණනාවක් එළි වන තුරුම කැඩෙන නිසා දිවා කල නිදි මත දැනීමත්  මේ අලස බවට හේතුවක් මෙසේ නින්ද කැඩෙන්නේ ගෙරවීම වැඩි නිසයි.
තරබාරු අය කෙට්ටු වෙන්න මොන තරම් උත්සාහ කළත් ඒක සිද්ධ වෙන්නෙ නෑ’ කියමින් මැසිවිලි නැගුවට ශරීරය බර අඩු කර ගන්න බැරි කමක් නෑ. අඩුවෙන් ආහාර ගැනීම හෝ රාත්‍රියට නොකා හිඳීම තරබාරු බව අඩු කරන්නට පිළියමක් නොවෙයි. තරබාරු වන්නේ අධි ‍පෝෂණ ආහාර ගැනීමෙන් බව ඉහත සඳහන් කළා. ඒවා අඩු නොකර සියලුම ආහාරවල  ප්‍රමාණය පමණක්  අඩු කර තරබාරු බව අඩු කළ නොහැකියි. ඒ වගේම  ඉවසීමත් ඉතාමත්ම වැදගත්. හේතුව ඔබ ගන්නා උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න මාස පහක් හයක්වත් ඔබට ගත වන නිසයි. ශරීරය කෘශ නම් මහත් වෙන්න අධි ‍පෝෂණ ආහාර ගැනීම ‍ප්‍රෝටීන් අධික ආහාර ගැනීම, වෙලාවට ආහාර ගැනීම වැනි දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් සිරුර වැහැරුණු තරුණියක් විවාහ වී දරුවකු බිහි කළ පසු බොහෝ විටම මහත් වෙනවා. හේතුව හෝමෝනවල වෙනස්කමුයි.
විවිධ කායික රෝග නිසාද ශරීරය තරබාරු වීම සහ කෘශ වීම සිදු වෙනවා. මේ අය වෛද්‍ය උපදෙස් ගත යුතුයි.
සමහර රෝගවලට දෙනු ලබන     ඖෂධ නිසාත් සිරුර තරබාරු වෙනවා. මේවා එම රෝගවලට පමණක් නියම කළ යුතු ඖෂධ වුවත් සමහරු ඒවා කෘශ අයට සිරුර මහත් වීම සඳහාත් ලබා දෙනවා. එය ඉතාම වැරදියි. මේවායේ අතුරු ආබාධ බහුල නිසා එයින් ඇති වන සංකූලතාවලින් මිදෙන්න අපහසු වීමයි.
තරබාරු වීම වගේම කෘශ වීමත් පරම්පරාවට යාමත් සිදුවෙනවා. නමුත් මේ කුමන දේ වුණත් යම් ප්‍රමාණයකට හෝ පාලනය කරන්න පුළුවන්. ඒ ඔබේ ඉවසීම හා කැප වීම මතයි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සාකච්ඡා කළේ  - ඉන්දු පෙරේරා 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week