-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බොලිවුඩ් නිලි ශිල්පා ෂෙට්ටිට අයත් රාජෙස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ශ‍්‍රී ශාන්ත්, අන්කීට් චවාන් සහ අජිට් චන්ඩිලා යන ක‍්‍රිඩකයින් තිදෙනා ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමේ චෝදනා නිසා ජිවිතාන්තය තෙක් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චෝදනා ඔප්පු වුවහොත් තරග තහනම ක‍්‍රියාත්මක කිරීමට එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයට බලය පවතින අතර දැනට චූදිත ක‍්‍රීඩකයින්ට තාවකාලික තරග තහනමක් පනවා තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.

තරගයේ අවස්ථා මුදලට පාවාදීම වෙනුවෙන් එක් ක‍්‍රීඩකයෙකුට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 60ක් ගෙවීමට බුකිකරුවන් එකඟතාවය පළ කර ඇති බවට තොරතුරු හෙලිව ඇති අතර ඉන් ලක්‍ෂ 20ක මුදලක් අජිට් චන්ඩිලා හට අත්තිකාරමක් ලෙස ගෙවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week