-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකාවේ මිසූරි සහ වයෝමිං ප‍්‍රාන්තවල මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සඳහා වෙඩික්කරුවන් ඛණ්ඩයක් භාවිතා කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

මින් පෙර මරණීය එන්නතක් මගින් මරණීය දණ්ඩණය කි‍්‍රයාත්මක කළ නමුදු මෑතකාලීනව ඖෂධ නිෂ්පාදන සමාගම් සදාචාරමය හේතූන් මත එය නිපදවීම අත්හිටුවීම මෙයට හේතුවී තිබේ.

මෙයට විකල්පයක් ලෙස මෙතෙක් පරීක්ෂාවට ලක්නොකළ නව සංයෝග සැකසීම සඳහා ප‍්‍රාන්ත රජයන් විසින් ඖෂධවේදීන් සමග කටයුතු කළ නමුදු පසුගියදා ඔහායෝහි ස්ත‍්‍රී දුෂණ සහ මිනීමැරුම් චෝදනාවට වැරදිකරුවූ පුද්ගලයෙකු හට එවැනි සංයෝගයක් ලබාදුන් පසු ඔහු දැඩි වේදනා විඳ මියයාම සමග එය අර්බුදයට ගොස් ඇතැයි පැවසේ.

මිසූරි ප‍්‍රාන්ත නියෝජිත රික් බ‍්‍රැටින් පවසා ඇත්තේ වෙඩික්කරුවන් කණ්ඩායමක් භාවිතයෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම වඩා ගැලපෙන ක‍්‍රමයක් බවයි.

ඇමරිකාවේ ප‍්‍රාන්ත අතරින් පසුගිය කාලයේදී වෙඩික්කරුවන් කණ්ඩායමක් යෙදවූ එකම ප‍්‍රාන්තය උටා වන අතර 1977න් පසු තිදෙනෙක් එමගින් දණ්ඩනයට ලක්කර ඇති අතර අවසන් වරට එය භාවිතා කර ඇත්තේ 2010දීය.

මේ අතර වඩා ලාභදායී ක‍්‍රමයක් නිසා වෙඩි තබා දණ්ඩනයට ලක්කිරීම නීතිගත කිරීම සඳහා යෝජනාවක් ගෙනඒමට වයෝමිං ප‍්‍රාන්තයේ සෙනෙට් සභික බෲස් බර්න්ස් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එය පෙබරවාරි මසදී සලකා බැලීමට නියමිතය. මිසූරි සහ වයෝමිං ප‍්‍රාන්ත 2 තුළම ගෑස් ක-ුටීරයක් භාවිතා කිරීම නීතිගත කර ඇති නමුදු එය 1965න් පසු භාවිතා කර නොමැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos