-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉන්දීය අමාත්‍ය ශෂි තරූර්ගේ අනියම් පෙම් සබදතාවෙන් පසුව ඔහු සමග අමනාපවී හෝටලයක නැවතී සිටි ඔහුගේ බිරිඳගේ මරණය "හදිසි හා අස්‌වාභාවික" බව ඒ පිළිබඳව පැවැත්වූ මරණ පරීක්‌ෂණයේදී හෙළිව ඇත.

ශෂි තරූර්ගේ බිරිඳ එනම් සුනන්දා පුෂ්කාර්ගේ මළ සිරුරේ තුවාල තිබූ බවත් ඒවා මරණයට සම්බන්ධයක්‌ නැති බවත් වෛද්‍යවරුන් පවසා ඇත.

ඇය වස පානය කළ බවක්‌ මරණ පරීක්‌ෂණයේදී හෙළි නොවූ බව වෛද්‍ය සුධීර් කුමාර් ගුප්තා කියයි.

52 හැවිරිදි සුනන්දා පසුගිය සතියේ සිය සැමියා සමග ආරවුලක්‌ ඇති කර ගත්තේ ඔහු පකිස්‌තාන මාධ්‍යවේදීනි මෙහෙර් තරාර් සමග සම්බන්ධයක්‌ ඇති බව ප්‍රකාශ කරමිනි.

ශෂි තරූර් හා පකිස්‌තාන මාධ්‍යවේදීන් අතර හුවමාරුවූ රහස්‌ පණිවුඩ ද පසුගියදා මාධ්‍ය මගින් ප්‍රචලිත විය.

ශෂි තරූර් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයකු ලෙස සේවය කළ අතර 2012 දී ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ මානව සම්පත් ප්‍රවර්ධන අමාත්‍ය ලෙස පත්කරගනු ලැබීය.

මේ යුවළ විවාහ වූයේ 2010 දී වන අතර සුනන්දා ඩුබායි හි වෙසෙන ව්‍යාපාරික කාන්තාවකි.

මේ හදිසි මරණය ඉන්දියාවේ මහත් ආන්දෝලනයට ලක්‌ වූ සිද්ධියක්‌ විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos