බිරිඳ සමග හටගත් ආරවුලක් හේතුවෙන් සිය දරුවාගේ ගෙළ වැළලා පියා ද ගෙළ වැළලා ගන්නට ඇතැයි ආගරපතන ද්විත්ව මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආගරපතන පොලිසිය විශ්වාස කරයි.
අද (07) උදේ 7ට පමණ මෙම ද්විත්ව මරණ සිදු වී ඇත්තේ ආගරපතන ආග්රඌව නැමැති වතුයායේ පිහිටි නිවසකදී ය. නිවසේ මුළුතැන්ගෙයි පියාගේ සහ පුතාගේ සිරුරු වහලයේ එල්ලෙමින් තිබීයදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මියගොස් ඇත්තේ ආග්රඌව වතුයායේ වතු කම්කරුවකු වන 35 හැවිරිදි දුලෙයිනාදන් නැමැත්තා සහ ඔහුගේ 9 හැවිරිදි මනෝජන් නැමැති පිරිමි දරුවායි. දරුවා ආග්රඌව දෙමළ මහ විදුහලේ 4 වසරේ සිසුවෙකි. සැමියා සමග ආරවුලක් ඇතිකර ගත් බිරිඳ මීට සති දෙකකට පමණ පෙර නිවසින් පිට වී ගොස් වෙනම ජීවත් වී ඇති බව අනාවරණය වී ඇත.
රංජිත් රාජපක්ෂ ( හැටන්)