-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රි ලංකාව තුල බෙදාහිරීම විකිණීම තහනම් කර ඇති ෆොන්ටෙරා ආයතනයේ නිෂ්පාදිත ඇන්කර් ඇතුළු කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 25,600 ක් වැලිසර ලංකා මිල්ක් ෆුඞ් පෞද්ගලික සමාගම මගින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මේ කිරිපිටි යොදා වෙනත් කිරිපිටි වර්ගයක (ලක්ස්පේ‍්‍ර) නමින් වෙළදපොළට නිකුත් කිරීමට යන බවක්ද රේගු අධිකාරියේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
රේගු භාරයට කිරිපිටි තොගය ලැබී ඇත්තේ අගෝස්තු 13 වෙනිදා වුවද දැනටමත් රේගුවට ලැබී ඇති මෙම කිරිපිටි තොගය ෆොන්ටෙරා ආයතනයෙන් ලංකා මිල්ක් ෆුඞ් ආයතනය ඇනවුම් කර ඇත්තේ අගෝස්තු මස 7 වෙනිදාය.
පරීක්ෂණ වාර්තාවකින් තොරව රේගුවෙන් කිසිදු කිරිපිටි තොගයක් නිදහස් කිරීමට පියවර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා රේගු අධිකාරියට නියෝග කළ ද මේ කිරිපිටි තොගය කිසිදු පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කිරීමට කටයුතු කරගෙන යන බවක්ද රේගුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙරටට ආනයනය කරන සියලූම කිරිපිටි රේගුවෙන් නිදහස් කිරීමට පෙර එහි සාම්පල පරීක්ෂාවට ලක් කර පරීක්ෂණ වාර්තාවේ ඞී.සී.ඞී හෝ වෙනත් විෂ ද්‍රව්‍යයක් එහි ඇත්දැයි වාර්තා නොවුණහොත් පමණක් රේගුවෙන් නිදහස් කිරීමට රේගුවට උපදෙස් ලැබී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week