-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශවල වෙසෙන එල්ටීටීඊ ක‍්‍රියාකාරීන් ප‍්‍රකාශයට පත්කර ඇති ”දෙමළ ඊළාම් අන්තර්වාර රජය” සංවිධානය කළ දමිළ විද්‍යාව පිළිබද ලෝක පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන බව කියන දමිළ විද්‍යාව පිලිබද සම්මන්ත්‍රණයකට සහභාගි වීමට මෙරට විශ්ව විද්‍යාල ආචාර්යවරු 12 දෙනෙක්  රාජකාරි නිවාඩු ලබා ලන්ඩනයට ගොස් සිටින්නේ යයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර  ඒකනායක මහතා පවසන්නේ එම ආචාර්යවරුන් දෙමළ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාවකට සහභාගිවී ඇත් නම් ඔවුනට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

පළාත් පාලන ආයතන ප්‍රධානින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද රටේ ඒකීයභාවය වෙනුවෙන් බැදී ඇති බව පෙන්වා දෙන නියෝජ්‍ය ඇමතිවරයා මහාචාර්යවරුන් එම සමුලුවට සහභාගිව ඇත්නම් අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණයක් පැවැත්වෙන්නේ යයිද වැඩිදුරටත් කීය.

එම ආචාර්යවරුන් දොළොස් දෙනා පේරාදෙණිය, යාපනය, නැගෙනහිර, අග්නිදිග සහ ඌවවෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවල සේවය කරන අය බවද පැවසෙන අතර ලෝක පර්යේෂණ මධ්‍යස්ථානය මගින් ”දමිළ විද්‍යාව” නමින් සංවිධානය කරන සම්මන්ත‍්‍රණයකට සහභාගිවීම සඳහා ඔවුන් ඉකුත් 12 වැනිදා සිට 20 වැනිදා දක්වා නිවාඩු ලබාගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week