-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අයි.සී.සී. තරගවලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමට කරනු ලබන ගෙවීම් ලබාදීම සඳහා, තමන් කිසිම විටක වාචික පොරොන්දුවක් ජාතික කණ්ඩායමට ලබා නොදුන් බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.
කෙසේවෙතත් ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයන්ගේ ඉල්ලීම්වලට යම් සහනයක් ලබා දිය යුතු බව ය.
ඉදිරි වසර සඳහා මධ්‍ය ක්‍රීඩක ගිවිසුම් අලුත් කිරීම පසුගිය 28 වන දා ට පෙර කළ යුතු වුවද එම අවස්ථාව හිමි වූ ක්‍රීඩකයින් 17‍දෙනා ‍මේවන තෙක් ඊට අත්සන් තබා නොමැත.
ඊට මූලික හේතුව වූයේ අයි.සී.සී.  තරගවලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමට කරනු ලබන ගෙවීම් තව දුරට ත් ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කිරීම ය.
කෙසේවෙතත් එම ගෙවීම් ලබා දීමට ජාතික තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා වාචික පොරොන්දුවක් ලබා දුන් බව ජාතික කණ්ඩායම, ක්‍රිකට් සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වේ.
කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් අත්සන් කර ඇති එම ලිපියේ වැඩි දුරට ත් සඳහන් වන්නේ එම පොරොන්දුව ඉටු කරනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ය.
එහෙත් එවැනි පොරොන්දුවක් නොදුන් බව අවධාරණය කරන ජාතික තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තමන් ගැටලුව විසදීම සඳහා පමණක් මැදිහත් වූ බව අද අවධාරණය කළේය.
යම්කිසි සහනයක් සාකච්ඡා කරලා දෙන්න ඕන කියන එක මං හිතුවා. මොකද හේතු‍ව ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ ටික කාලයයි. ඒ ගොල්ලන්ට හැමදාම ක්‍රීඩා කරන්න බැහැ. ඉතිං ‍ඒ සහනය කොහොම දෙනවද කියන එක ක්‍රිකට් ආයතනය කල්පනා කරන්න ඕන. මොන විදියටද  ඒක ක්‍රීඩකයන්ට දෙන්න ඕන කියන එක. මොකද මට පොරොන්දු වෙන්න බෑ මෙච්චර දෙනවා අච්චර දෙනවා කියලා. මොකද මම නෙමෙයි තීන්දු තීරණ ගන්නේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos