-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සමාජ වෙබ් අඩවි ජාලවල ඉමහත් ආන්දෝලනයට ලක්‌වූ රුපියල් ලක්‍ෂ දොළහක මූල්‍ය වංචාව පිළිබඳ සිද්ධිය අපි ගිය සතියේ පාඨක ඔබට හෙළිදරව් කෙරුවෙමු. එහිදී කියෑවුණේ මෙරට නිළියක්‌ සහ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්‌ යෑයි කියාගත් තාරු බෝගොඩ නමැති තරුණිය එංගලන්තයේ වෙසෙන සුරංග නමැති තරුණයාගෙන් ගංවතුරින් විපතට පත්වූ දරුවන්ට ආධාර කිරීමට යෑයි පවසා එම මුදල ලබාගත් බවයි.

එහෙත් තාරු බෝගොඩ නමැති තරුණිය එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප කරයි. ඇය පවසන්නේ එම මුදල් ලබාගත්තේ ගංවතුරින් අනාථ වූ ළමයින්ට ආධාර කිරීම පිණිස නොවන බවයි. තමා හා සුරංග අතර සමීප සම්බන්ධතාවක්‌ තිබුණ බැවින්, ඒ හරහා එම මුදල් ඔහු විසින් තමාට ලබාදුන් බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය අපට පැවසුවේ මෙවැනි කතාවකි.
“මේ දිනවල සමාජ වෙබ් අඩවි හරහා මට විශාල ලෙස මඩ ගහමින් බොරු චෝදනාවක්‌ එල්ල කරනවා. ඒ, යම්කිසි සමාජ සත්කාරයක්‌ මුවාවෙන් මම එංගලන්තයේ ජීවත්වන සුරංග නමැත්තාගෙන් රුපියල් ලක්‌ෂ දොළහක මුදලක්‌ ලබාගත් බව පවසමින්. මුලින්ම කියන්න ඕන ඒක අමූලික බොරුවක්‌. මෙම සිද්ධිය නිසා මාගේ කීර්ති නාමයටත් විශාල ලෙස හානිවෙලා තියෙනවා.”
“ගංවතුරයි මෙම සල්ලි අතරයි කිසිම සම්බන්ධතාවක්‌ නැහැ. මේක සුරංග මාත් එක්‌ක තියෙන පෞද්ගලික තරහකට කරන වැඩක්‌. කොටින්ම කියතොත් මෙම මුදල් ලබා දුන්නැයි කියන පුද්ගලයා හා මා අතර ඉතා සමීප සම්බන්ධතාවක්‌ එනම් ප්‍රේම සම්බන්ධතාවකට නොදෙවැනි එකක්‌ තිබුණා. එම සම්බන්ධය නැතිවුණාට පස්‌සේ තමයි එම පුද්ගලයා මට මේ විදිහට මඩ ගහන්න පටන් ගත්තේ…”
“සුරංග ගැන මම කියන්නම් දන්න විස්‌තර ටික. කුලියාපිටිය ඒඩ්ස්‌ ළමයාගේ සිද්ධියේ දී ඔහු රඟපෑවේ වෛද්‍යවරයෙක්‌ විදිහට. මගේ ප්‍රශ්නයේ දී ඔහු ධනවත් ව්‍යාපාරිකයකු ලෙස රඟපානවා. කෙසේ හෝ මම ඔහු හඳුනා ගන්නේ ෆේස්‌බුක්‌ හරහා. ඒ මීට මාස කිහිපයකට උඩදී. ඔහු ඉතා හොඳයි කියාගත් ප්‍රතිරූපයට මම අසුවන්නෙ මේ හරහා තමයි.”
“මේ කාලය තුළදී මම එංගලන්තයට යැම සඳහා උත්සහ කරමින් සිටියා. සුරංග එයට කැමැත්තෙන් උදව් කිරීමට ඉදිරිපත් වුණා. එමනිසා ඔහු හා මා අතර කිට්‌ටු සම්බන්ධයක්‌ ගොඩනැඟීමට වැඩි කාලයක්‌ ගතවුණේ නැහැ. ඒ අනුව ෆේස්‌බුක්‌ සහ වෙනත් සන්නිවේදන ක්‍රම හරහා දිනපතාම පාහේ තොරතුරු සහ ඡායාරූප පවා හුවමාරු කරගත්තා. අවසානයේ අපි පවුලේ කෙනෙක්‌ වගේ හිතවත් වුණා.”
“සුරංග එයාගේ ගොඩක්‌ විස්‌තර මට කිව්වා. ඔහුගේ විවාහ ජීවිතයේ මුහුණ දෙන්න ලැබුණු ගැටලු පවා මට කීවා. ඔහුගේ බිරිඳ නිතරම රණ්‌ඩු කරන බවත්, ඔහුට පහරදෙන බවත් පැවසුවා. බිරිඳ පහර දෙන්න එන ඡායාරූපත් මට එවලා තියෙනවා. ඒවා මා ළඟ තවමත් තියෙනවා”
“ඔය අතර මගේ වීසා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන ලියකියවිලිවලට සුරංගගේ විදෙස්‌ ගමන් බලපත්‍රය, ආදායම් වාර්තා ආදී ලියකියවිලි මා හට එව්වා. ඒවා සමඟ මම වීසා අයෑදුම්පත භාර දුන්නා. නමුත් කෙසේ හෝ එය ප්‍රතික්‌ෂේප වුණා. එහිදී සුරංග දැඩි ලෙස කම්පා වුණා. නැවත වරක්‌ අයෑදුම් කරමුයි කියලා ඔහු කිව්වා.”
“ඔය අතර සුරංගගේ පවුලේ ගැටුම් උත්සන්න වෙලා තිබුණේ. ඔහු නිතරම මට ඒ ගැන කියනවා. දුකෙන්ම තමයි ඉන්නෙත්. ඔහු ඒවා ලෝකයා දැන ගන්නවාට කැමැති වුණේ නැහැ. අපේ හිතවත්කමත් ඒ විදිහටම ගියා. අවසානයේ ඔහු මට විවාහ වෙන්න යෝජනා කළා. බිරිඳගෙන් දික්‌කසාද වෙලා මාව විවාහ කරගන්න බව නිතරම පැවසුවා. කිසි දිනක හැබැහින් දැක නැති ඔහුව විවාහ කරගන්න මම කැමැති වුණේ නැහැ.”
“කිහිප වරක්‌ ඔහු මට එම විවාහ යෝජනාව ගෙනාවා. ඒ හැම පාරම මම බැහැ කිව්වා. අවසානයේ ඔහුගේ රංගනය හමුවේ මම අසරණ වුණා. මම සුරංග ගැන හොයන්න පටන් ගත්තා. ඔහුගේ ව්‍යාපාරය ගැහැණු පෙන්නලා විකුණන එක බව මට ආරංචි වුණා. ඔහු හොඳ කෙනෙක්‌ නොවෙයි කියලත් දැන ගත්තා. ඒත් මම ඒවා විශ්වාස කළේ නැහැ”

“මෙම කාලය අතරතුර දෙවැනි වරටත් මම වීසා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබුණා. නැවතත් එය ප්‍රතික්‌ෂේප වුණා. සුරංග කිව්වා නැවත වරක්‌ අයෑදුම් කරමු කියා. නමුත් ඔහු ගැන අහන්න ලැබෙන ආරංචි හොඳ නැති නිසා මම එය ප්‍රතික්‌ෂේප කළා. එම ප්‍රතික්‌ෂේප කිරීම මහා විනාශයක මූලාරම්භය වුණා.
අවසානයේ මම ඔහුට බයේ අපේ සම්බන්ධය නවතා දැමුවා. දුරකථන ඇමතුම් පවා ප්‍රතික්‌ෂේප කළා. දිගින් දිගටම මට සුරංග කරදර කළා. අවසානයේ ඔහු කීවා වීසා සඳහා ගිය වියදම් ඇතුළු සියලු දේවල් පැය විසිහතරක්‌ ඇතුළත ලබාදෙන ලෙස. එවිට මා ඔහුගෙන් යම්කිසි කාලයක්‌ අවශ්‍ය බව පැවසුවා. නමුත් ඔහු එයට කැමැති වුණේ නැහැ. ඉන් පස්‌සේ ඔහු කිව්වා පැය විසිහතරක කාලයක්‌ ඇතුළත මගේ ජීවිතය විනාශ කරනවා කියලා. ඉන්පස්‌සේ තමයි මට මෙහෙම ගහන්න පටන් ගත්තේ”
“මට විශේෂයෙන් දෙයක්‌ කියන්න ඕන. ගංවතුර ආධාරවලට කියල මම සුරංගගෙන් සල්ලි ලබා ගත්ත නම් මාගේ ආත්මයට කිසිම සමාවක්‌ ලැබෙන්න එපා. මම කන බත් කටක්‌ ගානේ මට සාප වෙන්න ඕන. ගැහැනියකගේ ජීවිතය පැය විසිහතරකින් විනාශ කර මෙතරම් අපරාධයක්‌ කළ ඔහුගේ ඇත්ත තත්ත්වය තමයි ඕක. ඒ වගේම මට කරපු අපහාසයට විරුද්ධව නඩු දාල සුරංගව නීතිය ඉදිරියටත් කැඳවනවා. කවදා හරි ඇත්ත එළිවේවි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙවැනි පහත් ආශාවන්වලින් පිරුණු මිනිසුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසයි.”
ඒ තාරු බෝගොඩ නමැති තරුණිය තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව අපට පැවසූ අයුරුයි. එලෙසම එංගලන්තයේ පදිංචි සුරංග විදානගේ නමැති තරුණයාගෙන් මේ පිළිබඳව අපි යළි විමසුවෙමු. එවිට ඔහු පැවසුවේ මෙවන් දෙයකි.
“තාරු බෝගොඩ නමැති මෙම තරුණිය එක තැනක මුදල් ගත්ත කියලා පිළිගන්නවා. තවත් තැනක නෑ කියනවා. තවත් තැනක තෑගි ලැබුණ කියනවා. මගෙත් එක්‌ක ආදර සම්බන්ධතාවක්‌ තිබුණා කියනවා. තවත් තැනක පොඩි හිතවත්කමක්‌ තිබුණා කියනවා. ඇත්තටම අපි පිළිගන්නේ මොකක්‌ද? එයාට හැමදේම පැටලිලා. මොකද එයා දැන් ඉන්නේ කවදාවත් පැටලෙයි කියලා හිතපු නැති පඹ ගාලක”
“මම මුලින්ම කියන්නම් එයා පැටලුණේ කොහොමද කියලා. මුලින්ම මම ඇයව හඳුනා ගන්නේ ෙµaස්‌ බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලයෙන්. ඇය මාගේ සමාජ සත්කාර කිරීම් සඳහා ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු කිරීමට ඉදිරිපත් වුණා. හැබැයි කිසිම විටක එයා මේ වැඩේට සම්බන්ධයි කියලා කාටවත් කියන්න එපා කිව්වා. මගේ ෆේස්බුක්‌ ගිණුමේ ඇයගේ නම සඳහන් නොකරන ලෙසටත් තරයේ කියා සිටියා··
සමාජ සත්කාර කිරීම සඳහා අරමුදල් වශයෙන් මම පළමුවෙන්ම රුපියල් ලක්‌ෂ පහමාරක මුදලක්‌ ඇයගේ ගිණුමට යෑව්වා. මම එම මුදල් උදව් අවශ්‍යතා ඇති අයගේ ගිණුම්වලට ලබාදෙන ලෙස පැවසුවත් ඇය එසේ කළේ නැහැ. දින කිහිපයකට පසු ඇයගෙන් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැහැ. පසුව කිසිදු දැනුම්දීමකින් තොරව එම මුදල ඇයගේ වාහනයේ ලීස්‌ එක ගෙවීමට යොදාගෙන.
ඉන්පසු මම ඒ ගැන ඇයගෙන් විමසුවා. එවිට ඇය පැවසුවේ මේ වන විට විශාල මුදල් අර්බුදයක සිටින බවයි. මට ඇයගේ දුෂ්කරතා පවසමින් එංගලන්තයේ රැකියාවකට ගෙන්වා ගන්න යෑයි ඉල්ලීමක්‌ කළා. ඒ වන විට මගේ බිරිඳට ඇය ගැන දැනුවත් කර සිටි අතර ඇයද මේ ගැන කරුණු සොයමින් සිටි අතර පරිස්‌සමින් උදව් කරන්න කියලා නිතරම මට පැවසුවා.
තවද මුදල් ලැබුණු පසු ඇය මට පැවසුවේ මාගේ සහ ඇයගේ ෙµaස්‌ බුක්‌ එකේ ඉන්න යහළුවෝ කිහිප දෙනෙක්‌ගේ නම් බ්ලොක්‌ කරන ලෙසයි. එයින් මට ඇය ගැන සැක හිතුණා. මම ඒ යහළුවන්ට කතා කරලා තාරු බෝගොඩ කියපු දෙය කියලා ඇය ගැන දන්න දේවල් තියෙනව නම් කියන්න කියලා ඉල්ලීමකුත් කළා. පසුව ඔවුන් මැය ගැන පැවසූ දේවල්වලින් මම ලොකු වංචාවකට හසුවී ඇති බව තේරුණා.”
ඇය මේ වන විට වසර හයක කාලයක සිට තරුණයන් කිහිප දෙනෙක්‌ මේ විදිහට රවටා වංචාකර, මුදල් සහ උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන්ව අත්හැර දමලා. ඔවුන් පොලිසි ගිය පසු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප, සමාජ වෙබ් අඩවවිලට දමා ඔවුන්ව සමාජීය වශයෙන්ද කොන්කර නිහඬ කර දමලා. මෙය ඔප්පු කිරීමට සියලු තොරතුරු සහ ඡායාරූප මා සතුව තිබෙනවා.”
“මට සිදුවූ වංචාව සහ ලංකාවේ ආධාර නොලැබුණ, අවතැන් වුණු මිනිසුqන්ට සිදුවුණ අසාධාරණය වෙනුවෙන් මම කළ හැකි සියලු දෙය කිරීමට සිතාගත් අතර පොලිsසි ගියොත් ඇය පහසුවෙන් නිදහස්‌ වන ක්‍රමය දන්නා නිසා නීතියෙන් මෙම මුදල ලබා ගැනීම සිහිනයක්‌ බව ඇයගේ යහළුවෝ මට පවසා සිටියා. මම මේ සිද්ධිය පිළිබඳ මගේ බිරිඳටද පැවසූ අතර ඇයගේ සහයෝගයෙන් තාරු බෝගොඩ කොටුකර ගැනීමට සියලු සැලසුම් ක්‍රියාත්මක කළා”
ඇය වංචාකාරියක්‌ බව දැන දැනත් මම අවතැන්වූ අයට උදව් කිරීමට පෙරොන්දු වී සිsටි නිසා නැවත ලක්‌ෂ හයක සහ පනස්‌දාහක මුදලක්‌ ඇයට ලබා දුන්නා. ඒ මක්‌නිසාද යත් මට අවශ්‍ය බැංකු රිසිට්‌ පත් ඇතුළු සියලු ලිපි ලේඛන ලබා ගැනීමට අවශ්‍ය නිසා. සතුරා ශක්‌තිමත් වූ විට ඔහුට රිදෙන්න පහරදිය හැකි පහසුම ක්‍රමය තමයි සතුරාට ළංවීම බව මා හො¹කාරව දැනගෙන සිටියා. ඒ අනුව මාගේ බිරිඳගේ අනුදැනුම මත ඇය සමඟ ව්‍යාජ ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනඟා ගනිමින්ද ඇය අතීතයේදී අත්හැර දැමූ පෙම්වතුන්ගේ විස්‌තර, මුදල් සම්බන්ධ ලියකියවිලි ආදී සියලු දේවල් මම එංගලන්තයට ගෙන්වා ගත්තා.
මේ තොරතුරු ලබා ගන්නා අතර නොයෙක්‌ උපක්‍රම යොදා මම යවපු සල්ලි ඇයගෙන්a යළි ලබාගෙන සමාජ සත්කාරක සේවාවේ යෙදවීමට උත්සාහ කළා. නමුත් ඒවා සාර්ථක වූයේ නැහැ. අවසානයේ බිරිඳ සමඟ මම නිතර රණ්‌ඩුවන බව පවසා, අසතුටින් සිටින පිංතූර පවා ඇයට යෑව්වා. ඇයව විවාහ කරගන්න බවටත් පොරොන්දු වුණා. මේ සේරම කළේ මාගේ බිරිඳගේ අනුදැනුම ඇතිව සල්ලි ටික ආපසු ලබාගෙන අසරණ මිනිසුන්ට යළි ලබා දෙන්න. නමුත් කිසිම විදිහකින් ඇයගෙන් සල්ලි ගන්න බැරිවුණා.
අවසාන වශයෙන් මම ඇයට පැවසුවේ ඔයාට ආර්ථික ප්‍රශ්න තියෙනව නම් ලක්‌ෂ හයක්‌ ඔයා අරගෙන ඉතිරි ලක්‌ෂ හය අවතැන්වූ දරුවන්ට ලබාදෙන ලෙසයි. එවිට මට කුණුහරුපයෙන් බැණලා තර්ජනය කරලා කිව්වා නීතියෙන් සල්ලි ගන්න කියලා. අවසානයේ ඇය මගේ පිංතූර විකෘති කරලා මට මඩ ගැහුවා. ඇයට මම ලිංගික බලපෑම් කළ පසු, ඇය ඒවා ප්‍රතික්‌ෂේප කළ පසු මම ඇයව මුදල් වංචාවකට හසුකර ගත් බව කීවා.
ඒ විදිහට මට මඩ ගහනකොට තමයි ඇයගේ ඇත්ත තත්ත්වය මට ලෝකයාටම කියන්න ඕන වුණේ. ඇයගේ තත්ත්වය ඕකයි. මං හිතන්නේ නැහැ ඇය මේක නවත්වයි කියලා. ඉදිරියටත් තාරු බෝගොඩ මේ විදිහට මිනිස්‌සු රවට්‌ටලා සල්ලි ගනීවි. ඒක නිසා මම කියන්නේ මේ වාගේ වංචාකාරයන්ට රැවටෙන්න එපා කියලා. මාගේ ෙµdටෝ ව්‍යාජ ලෙස හදලා මඩ ගහපු එකටත් මම පැමිණිල්ලක්‌ දාලා තියෙනවා එංගලන්තයේ ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියේ. දැන් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය එක්‌ක එකතුව පුළුල් පරීක්‍ෂණයක්‌ සිදු කරනවා.
තාරු බෝගොඩ සහ සුරංග විදානගේ අතර ඇතිවූ ගැටුමේ දෙදෙනා කියන කතාව එයයි. මෙතැන මූල්‍ය වංචාවක්‌ සිදුවී ඇත්නම් එය ඉක්‌මනින් විස¹ කවුරු හරිද වැරැදිද යන්න ලෝකයාටම කිව යුතුය.
ගයාන් සමරසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos