ආයුර්වේද ප‍්‍රතිකාර කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන සම්බාහන ආයතන ප‍්‍රමාණය ඉහළ යාම නිසා එම ආයතන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා පැවැසීය.
ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ වනවිට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 167 ලියාප්දිංචි කර ඇති බවත් ඊට අමතරව රට පුරා මෙසේ ලියාපදිංචි නොකළ ආයතන විශාල වශයෙන් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මෙසේ ලියාපදිංචි කර ඇති සම්බාහන ආයතනවල ලියාප්දිංචි අංකය ලෙස යොදා ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාප්දිංචි කිරීමේ අංක බවත් හෙතෙම පැවැසීය.
පංචකර්ම ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස ලියාප්දිංචි කිරීමට සර්වාංග වෛද්‍යවරයකු සිටීම, සේවක සේවිකාවන සිටීම, පුහුණුලාභීන් සිටීම, ශාලා පහසුකම් වැනි නිර්ණායක රාශියක් තිබිය යුතු බවද පාලිත වීරකෝන් මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් සංචාරක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ආයතන පමණක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පියවර ගන්නා බවත් ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.