-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි ගර්භර්‍ණ සැකකාරියක් දරු ප‍්‍රසූතියට ආසන්න වීම හේතුවෙන් කරන ලද කෑ ගැසීම් සහ වේදනාවෙන් දැඟලීම් පිළිබඳ අදාළ බලධාරීන් දැක්වූ නොසැලකිලිමත් බව හේතුවෙන් ඇය කාන්තා අංශය තුළදීම අනාරක්ෂිත ලෙස දරුවකු බිහිකර ඇති බව වාර්තා වේ.

ඉකුත් දිනෙක රාත‍්‍රියේදී ඇය ප‍්‍රසූත වේදනාවෙන් කෑ ගසමින් තමා රෝහලක් වෙත රැගෙන යන ලෙසට එහි සිටි නිලධාරිනියන්ගෙන් ඉල්ලීම් කර ඇතත් අදාළ නිලධාරිනියන් ඒ සඳහා අවධානයක් යොමු කොට නැත. අනතුරුව පසුදින පාන්දර නැවත වතාවක් ඇය ප‍්‍රසූත වේදනාවට පත්ව ඇති බැවින් ඇය කාන්තා අංශයේ රෝහලේ වාට්ටුවට ඇතුළත් කර තිබේ.

රෝගීන් රජයේ රෝහල් කරා ප‍්‍රතිකාර සඳහා මාරුකර යැවීමට බන්ධනාගාර රෝහලේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට එහි ප‍්‍රධාන වෛද්‍යවරියක විසින් තහනම් නියෝගයක් මීට ඉහත පනවා තිබේ. ඒ හේතුවෙන් අදාළ සිරකාරියට ප‍්‍රසූත වේදනාව සිදුවන අවස්ථාවේදී රෝහලේ වාට්ටුවේ සේවය කරමින් සිටි ලියාපදිංචි වෛද්‍යවරියට, ඈ වෙනත් රෝහලක් කරා යැවීමට අවසර ලබා දී නොමැත.

අනතුරුව ඇය දැඩි ප‍්‍රසූත වේදනාවෙන් කෑ ගැසීම මත දරු ප‍්‍රසූතියට සම්බන්ධ සුළු අත්දැකීම් ඇති වෛද්‍යවරයෙක් ඇයගේ ප‍්‍රසූතිය සිදුකර ඇත.

දරු ප‍්‍රසූති අවස්ථාවේදී ඇයට අවශ්‍ය රෙදි පිළි ලබා දී ඇත්තේ එම අංශයේ කුඩා දරුවන් සිටින කාන්තා රැඳවියන් කිහිපදෙනකු බවද වාර්තා වේ


රජයේ රෝහල් වල්දීත් දරු ප්‍රසූතියේදී ඒ අම්මලාට නිසි සැලකිල්ලක් නොලැබෙන බවට අනන්තවත් චෝදනා ඉදිරිපත් වෙන රටක සිර මැදිරියක සිටින අම්ම කෙනෙකුට කවර සැලකිල්ලක්ද. පසුගිය කාලයේ වැලිකඩ සිර මැදිරියේ දී වූ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මේ සිංහල සමාජයේ බොහෝ අය කීවේ උන් මැරුණ එකම හොඳයි කියාය. ඉතිරි වී සිටින වුන්ද මරා දැමිය යුතු බවය.

 මිනිසෙකුගේ ඝාතනය ආතල් එකක් කරගෙන සිටින ම්ලේච්ඡ සමාජයකදී ඔයිට වඩා දේ කොහොමටත් බලාපොරොත්තු විය නොහැක.

සිරකරුවෝත් මනුෂ්‍යයෝය යන්න පිළිගන්නේ වැලිකඩ තාප්පය පමනකි. ඒ නම් නොවෙනස්ව පවතී. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week