-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

2011 වසරේ ඔක්තෝබර් 8 වෙනි දින පැවති පළාත් පාලන මැතිවරණ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ඡන්ද මධ්‍යස්ථානයක් අසළදී එහි සිටි කාන්තාවන්ට පහරදුන් බව ‍පොලිස් කොස්තාපල්වරයකු ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේය‍.

කොස්තාපල් ඩී. දමිත් සුරංග කුමාර මහතා මේ බව පැවසුවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීමේ නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී ය.

කොස්තාපල්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ එම ප්‍රකාශය විවෘත අධිකරණයේදී කියවීමට අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අවස්ථාව දුන්නේය.

එම ප්‍රකාශය කියවමින් කොස්තාපල්වරයා පැවසුවේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සමග එම ස්ථානයට පැමිණි පුද්ගලයින් අටදෙනෙකු කාය වර්ධන ව්‍යායාම කරන පුද්ගලයින් බවට හැගී ගිය බව ය.
ඔවුන් සියලු දෙනා සතුව ගිනි අවි තිබූ බවත් කොස්තාපල්වරයා පැවසීය. ඒ සියලුදෙනාම මත්පැන් පානය කර තිබූ බවත් මන්ත්‍රීවරයා ද වෙරි මතින් සිටි බව තමන්ට පෙනුණු බවත් පොලිස් කොස්තාපල්වරයාගේ ප්‍රකාශයේ සදහන් විය.

ඔහු කියා සිටියේ ඒ සියලු දෙනා එහි සිටි කාන්තාවන්ට පහර දෙනු තමා හා එහි සිටි අනෙක් කොස්තාපල්වරයා දුටු බව ය. එම පහරදීම් මැඩලීමට තමා හා අනෙක් පොලිස් නිලධාරියා කිසිදු උත්සාහයක් නොගත් බව ද කොස්තාපල් දමිත් සුරංග මහතා කියා සිටියේය.

‘සර්ලා හිටියට වැඩක් නැහැ අපිට ගහනකම් බලාගෙන සිටියා නේද’ යි එතැනට පැමිණි ගම්වාසීන් තමන්ට ප්‍රකාශ කළ බව ද පොලිස් කොස්තාපල්වරයාගේ ප්‍රකාශයේ සදහන් ය.‍ මන්ත්‍රීවරයා සමග පැමිණි එක් අයෙක් තමාට පපුවට පිස්තෝලය තැබු බවත් එම අවස්ථාවේ තමා නිහඬව සිටි බවත් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
එම දිර්ඝ ප්‍රකාශයෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඔහුගෙන් විමසා සිටියේ ඊට එකතු කිරිමට හෝ ඉන් ඉවත් කිරීමට යම් කරුණක් ඇද්ද යන්න ය.‍

තම ප්‍රකාශයේ සදහන් වන “ලකී අයියාට වෙඩි තිබ්බා, දුමින්ද වෙඩි තියා ගත්තා” යන කොටස එහි රැස්ව සිටි පිරිස් කී දේ මිස තමා දුටු දෙයක් නොවේ යැයි කොස්තාපල්වරයා වැඩිදුරටත් පැවසීය. ඒ හැර ඒ සම්බන්ධයෙන් පොලිසියට දෙන ලද කටඋත්තරයේ කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නැතැයි ද සුරංග කුමාර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුගෙන් යළි විමසා සිටියේ සිය ප්‍රකාශයේ සදහන්වන ගිනි අවි රැගෙන ගිය අඩි පහමාරක් පමණ උස පුද්ගලයින් දෙදෙනා මෙම විත්තිකරුවන් අතර සිටින්නේ ද යන්න ය.

ඊට පිළිතුරු දුන් කොස්තාපල්වරයා කියා සිටියේ ඔවුන් මෙහි සිටිනවාදැයි යන්න තමාට මතකයෙන් කිව නොහැකි බව ය.

වැඩිදුර නඩු විභාගය අගෝස්තු ‍02 වැනි දිනට කල් තැබුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week