මෙරට මහා මාර්ගවල අධික වේගයෙන් රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට මෙතක් භාවතා කල වේගමාපක යන්ත්ර ඉදිරියේදී භාවිත නොකරන ලෙස පොලිස් මූලස්ථානය සියළු පොලිස් රථවාහන අංශ සඳහා උපදෙස් දී තිබේ.
පොලිස් රථ වාහන මූලස්ථානය පවසන්නේ ඉදිරියේදී අධික වේගයෙන් ධාවනය කරන වාහනවල වේගය ගණනය කිරීම ඒ අවස්ථාවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියාගේ අභිමතය පරිදි තීරණය වනු ඇති බවයි.
එය රියදුරන්ට ඇතැම් විට අවාසිසහගත තත්ත්වයක් වනු ඇතැයිද පවසන පොලීසිය නව නීතිය අධිවේගී මාර්ගයන්ට අදාළ නොවන බව ද කියා සිටී.