වාරියපොල බස් නැවතුම්පලේදී තරුණියක විසින් තරුණයෙකුට පහර දීමේ වීඩියෝවක් මේවන විට ශ්රී ලංකාව පුරා කතා බහට ලක්ව තිබේ.
තමා ඇඳ සිටි ඇඳුම විහිලුවට ලක්කළ බව පවසමින් එම තරුණිය ඉතා අමානුෂික ලෙස අදාළ තරුණයාට පහර දෙන බව එම වීඩියෝව නැරඹීම තුළින් දැකගත හැක.
කෙසේ නමුත් මෙවැනිම සිදුවීමක් පසුගිය වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර කුරුලා දුම්රිය පොළේ දී සිදුව තිබේ.
එහිදී කාන්තාවන් දෙදෙනෙකුට පුද්ගලයෙකු විසින් සිදුකළ අසාධාරණයක් හේතුවෙන් ජනතාව ඉදිරියේ එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට ඉතා දරුණු ලෙස පහරදෙනු ලබයි.
එම වීඩියෝව පහතින් නරඹන්න