ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වැඩි සල්ෆර් අගයකින් යුත් සුදු ඩීසල් වෙනුවට අඩු සල්ෆර් අගයකින් යුත් ඩීසල් වර්ගයක් හඳුන්වා දෙනු ලැබ තිබේ. අඩු සල්ෆර් අගයකින් යුතු ඩීසල් වායුගෝලයට හිතකර වීම මේ ඩීසල් වර්ගය හඳුන්වා දීමට ප්‍රධානතම හේතුවක් බව පවසන සංස්ථාව මේ ඩීසල් හේතුවෙන් දහන අගයද වැඩි බව පෙන්වා දෙයි.
ඒ අනුව 10නනථ වර්ගයේ ඩීසල් ලෙසත් 250 නනථ වර්ගයේ ඩීසල් සාමාන්‍ය ඩීසල් ලෙසත්, අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.මේ සමඟම මෙතෙක් සාමාන්‍ය ඩීසල් ලෙස අලෙවි කළ එම ඉන්ධන බෙදා හැරීම නවතා ඇති බවද තෙල් සංස්ථාව පවසයි.