පරිගණක ලෝකයේ ඉහළින් ම නම රැන්දූ දැවැන්තයින් සිව් දෙනෙකු බාල්දිවලින් අයිස් වතුර ස්නානය කරන දුර්ලභ වීඩියෝ පට 4ක් මේ වන විට ලොව පුරා අවධානයට ලක්වෙමින් පවතී.
මෙය සිදු කෙරුණේ, චාලක න්‍යුරෝන ආබාධය (motor neurone disease) පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණිනි.
එහිදී එක් සමාගමක ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු තමන් අයිස් වතුර ස්නානය කිරීමට පෙර තවත් ප්‍රධාන විධායක නිලධාරීන් තිදෙනෙකුට පැය 24ක් තුළ එලෙස ස්නානය කරන ලෙසට අභියෝග කරයි.
පසුව ඔහු අයිස් වතුර ස්නානය කරන අතර එම අභියෝගය භාරගෙන සෙසු ප්‍රධාන විධායක නිලධාරීන් ද ස්නානය කළ යුතු වේ.
ඒ අනුව, මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා (Satya Nadella) අයිස් වතුර ස්නානය කළ ආකාරය පහත දැක්වේ.
ඔහු එම ස්නානය සඳහා ද තාක්ෂණය යොදාගෙන විශේෂිත බාල්දියක් නිර්මාණය කරගෙන තිබිණි.
චාලක න්‍යුරෝන ආබාධයෙන් ජනතාව බේරා ගැනීම උදෙසා ක්‍රියාත්මක වන The ASL association නමැති ආයතනය පවසා ඇත්තේ, මෙම දැනුවත් කිරීම හරහා ඔවුන්ගේ අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 3කින් ඉහළ ගොස් ඇති බව ය.