-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මැලේසියානු ගුවන්සේවයට අයත් MH17 යානා අනතුර පිළිබඳව ඇමරිකානු රජය කියන දේට වඩා යමක් දන්නා බව හිටපු කොංග‍්‍රස් මණ්ඩල සභික රොන් පෝල් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ රුසියාව හෝ මිතුරන් විසින් බුක් මිසයිලයකින් යානයට පහරදුන් බවට හැර ඇමරිකානු රජය පුදුමාකාර ලෙස ඒ පිළිබඳව නිහඬව සිටි බවයි.
රොන් පෝල්ගේ ප‍්‍රකාශය බටහිර මාධ්‍ය විසින් එල්ල කරන ලද චෝදනාවට තියුණු ලෙස වෙනස්වන අතර ඔවුන් පවසා ඇත්තේ කියෙව් විරෝධී සටන්කාමීන් විසින් යානය බිම හෙළා ඇති බවයි.
කෙසේවෙතත් එම චෝදනාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.
රුසියාව විසින් නැගෙනහිර යුක්රේන සටන්කාමින් වෙත බුක් මිසයිල ලබාදුන් බව ධවල මන්දිර මාධ්‍ය ප‍්‍රකාශක ජොෂ් අර්නස්ට් විසින් පවසා ඇති අතර රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා මේරි හාෆ් චෝදනා කරන ලද්දේ රුසියාවේ සිට යුක්රේන ඉලක්ක වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කරන බවයි.
නමුත් මේ අවස්ථා දෙකේදීම ඒ පිළිබඳ සාක්ෂි ලබාදෙන ලෙස මාධ්‍යවේදින් විසින් කරනු ලැබූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරනු ලැබිණි.
පසුව ගුවන් යානා ප‍්‍රහාරය රුසියාව විසින් එල්ල කළ බව තහවුරු කිරීමට තමන් සතුව සාක්ෂි නොමැති බව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් විසින් පිළිගනු ලැබිණි.
මේ පිළිබඳව රොන් පෝල් පවසා ඇත්තේ ලොව සෑම ස්ථානයක්ම ආවරණය වන ලෙසට චරපුරුෂ චන්ද්‍රිකා සතුව ඇති ඇමරිකානු රජය මේ පිළිබඳව සාක්ෂි නොමැති බව පැවසීම පිළිගත නොහැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos