කැබිනට් ඇමතිවරයෙකු විසින් බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී එහි සේවය කරන තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාද්ලියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඌව පළාත නියෝජනය කර ඇමතිවරයෙක් වන අතර සිය අමාත්‍යංශයේ මාධ්‍ය කටයුතු කරන්නියක සමඟ සිටියදී මෙසේ බරිඳගේ අතටම හසු වී ඇත.
සිද්ධිය පිළිබඳ ඇමති බිරිඳට ඔත්තුව දී ඇත්තේ එම පළාතම නියෝජනය කරන තවත් මෙවැනිම චෝදනාවකට ලක්ව සිටින ඇමතිවරයෙකු විසින් යයිද දැනගන්නට ඇත.
ඔත්තුව ලබා දුන් ඇමතිවරයාද කලකට පෙර සිය නිල කාමරයේදී මෙබඳු අනඟ රැඟුමක යෙදී සිටියදී ඔහුගේ බිරිඳගේ අතටම කොටු වූවෙකි.
කෙසේ හෝ දින කිහිපයකට පෙර සිදු වී මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඇමතිවරයා අප්රකාටව හිඳිමින් ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී.