විදුලි ඉන්ජිනේරු සංගමයේ සහාය ඇතිව නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ලබන වසර මුලදී වසා දැමීමට කටයුතු යෙදී තිබේ.
ලක්විජය බලාගාරය ආරම්භයේ සිටම එහි කටයුතු මෙහෙයවූ බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා එම තනතුරෙන් ඉවත් කිරීමත් ඔහු ඉවත්ව යෑමෙන් පසුව බලාගාරයේ සිදුවන ක්‍රියා විරහිතවීම් සියල්ල පිටුපසින් තිබෙන්නේ බලාගාරය එළැඹෙන වසරේදී වසා දැමීමේ අරමුණ වන බවත් ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු එහි මෙහෙයුම් කොටස්කරු ලෙස ක්‍රියා කරන චීන සමාගම වෙත සම්පූර්ණයෙන්ම පවරා බලාගාරයේ පළමු අදියර වසා දැමීමට කටයුතු යෙදී ඇති බව විදුලි ක්ෂේත්රය පිළිබඳ විශ්ලේෂකයකු වන තුෂාන් චතුරංග මහතා 'මව්බිම' වෙත එවන ලද නිවේදනයක සඳහන් වේ.
මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස පත්කර ඇත්තේ බලාගාරය ජපන් ආධාර යටතේ ඉදිකිරීමට කටයුතු කෙරුණු සමයේ එය අතරමඟ නැවතීම සඳහා ක්‍රියා කළ තැනැත්තකු වන බවට හෙතෙම චෝදනා කරයි.