බුලත්සිංහල ඉහළ ඕපල්ල ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පෙරේදා (3දා) වැටලූ බුලත්සිංහල පොලිසිය එහි පාලකවරයා සහ පාලිකාව සමඟ ගණිකා සේවයේ යෙදවීමට රැඳී සිටි රූමතියන් තිදෙනකු අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් පස් දෙනාම ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මතුගම අතිරේක මහෙස්ත්රාත් චමරි වීරසූරිය මහත්මිය නියෝග කළාය.
ගණිකා මඩම පවත්වාගෙන ගිය ඉංගිරිය ප්රදේශයේ පදිංචිකරුවකු සහ හොරණ කදන ප්රදේශයේ පදිංචිකාරියක් නිවෙසක් කුලියට ගෙන මෙම ගණිකා මඩම පවත්වාගෙන ගොස් ඇත. මතුගම, නුවර සහ පොළොන්නරුව ප්රදේශවල පදිංචි වයස අවුරුදු 22, 26 සහ 32 වන රූමත් තරුණියන්ව ජංගම දුරකතන මාර්ගයෙන් බුලත්සිංහල, හොරණ ඇතුළු ප්රදේශවල පුද්ගලයන්ට විකිණීම සිදුකර ඇත.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත. පොලිස් සැරයන්වරුන් වන බොතේජු (3445), සිල්වා (12220), පොලිස් කොස්තාපල්වරුන් වන අනුරුද්ධික (60640), බණ්ඩාර (60338) ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.