ජනතා විමුක්ති පෙරමුණේ හදිසි ප්රතිසංවිධානයක් සිදු කිරීමට එම පක්ෂය සැලසුම් කර ඇතැයි අනාවරණය වේ. මෙහි මුල් අදියරේදී පක්ෂයේ දිස්ත්රික් ලේකම්වරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ තීරණාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග හෙළිදරව් කර සිටී.
පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ සැලකිය යුතු පසුබෑමකට ලක්වීම සම්බන්ධයෙන් සිදුකෙරුණු සමාලෝචනවලින් පසු පක්ෂය මේ තීරණය ගෙන ඇත. මේ ප්රතිසංවිධාන ක්රියාවලියේදී ජවිපෙ ඉහළ තනතුරු කිහිපයක වෙනස්කම් සිදුකිරීම සම්බන්ධයෙන්ද පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
කෙසේ වෙතත් එම වෙනස්කම් ඊළඟ අදියරවලදී සිදුකිරීමට තීරණය කර ඇතැයිද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් හෙළිදරව් කරයි.