-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තැපෑලෙන් කෙරෙන දුම්වැටි ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා. ඒ, ඩුබායි හි සිට ශ‍්‍රී ලංකාවට තැපෑලෙන් එවා තිබූ සැකසහිත පාර්සල් තොගයක් ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීමත් සමගයි. ඒවායේ අඩංගු කර ඇත්තේ දුම්වැටි තොගයක් බව දැනට සැකකෙරෙනවා.

වැඩිදුර විමර්ශන ශ‍්‍රී ලංකා රේගුව විසින් සිදුකෙරෙන බවයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ. ඒ අනුව තමන් විසින් රඳවා ගත් අදාළ සැක සහිත පාර්සල් තොගය රේගු නිලධාරීන්ට භාරදෙන බවද ඔහු කියා සිටියා. 

මෙම ජාවාරම සඳහා ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද ඉහළ පෙළේ නිලධාරියෙකු සම්බන්ධ බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. සාමාන්‍යයෙන් විදෙස් රටක සිට ලැබෙන සෑම පාර්සලයක්ම
ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීමට පෙර රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කෙරෙනවා. එවැනි පරීක්ෂාවකින් තොරව අදාළ සැකසහිත පාර්සල් තොගය මුදාහැරීම සඳහා සැකකාර නිලධාරියා අල්ලසක් ලබාගෙන ඇතැයි ද සඳහන්.


රේගු විමර්ශනවලදී ඒ බවට සාක්ෂි ලැබුණහොත් සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද පවත්වන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා කියා සිටියා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos