ආණ්ඩුව විසින් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කලහොත් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැස අරගල කරන්නේ යයි එජාප නායකත්ව මණ්ඩල නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මීගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ සිදුවු ඇතැම් සිදුවීම් පාදක කරගනිමින් සමාජ ජාල නතර කිරීමේ ආණ්ඩුවේ සූදානමක් ඇති බවයි.
ආණ්ඩුවේ දූෂණ හෙළිකරන මෙවැනි සමාජ ජාල ජනමාධ්‍ය මර්දනයක් සිදුවෙමින් තිබියදී නතර නොකළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් කීය.