-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බස් ගාස්තු සියයට 10 කින් වැඩි කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.
ජාතික ප‍්‍රතිපත්තිය අනුව මේ වසරට අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවූ බැවින් බස් සංගම් ලෙස තමන්ට ඇති නීත්‍යානුකූල අයිතියට අනුව මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ තම සංගමයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී අද (12) දිනයේ ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.
මේ මස 27වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුවද රුපියලකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. බස් සංගම් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී හෝ ජූලි මස 01 වැනිදා සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සිදු කිරීමට නියාමන ආයතන කටයුතු නොකිරීම නිසා ජාතික ප‍්‍රතිපත්තිය අවලංගු වී ඇති බව සදහන් කරමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week