-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ළමා අපයෝජනයන් ඇතුළත් චිත‍්‍රපට හා ඡායාරූප අන්තර්ජාලය පුරා බෙදා හැරියේයැයි කියන අයර්ලන්ත ජාතිකයකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා ඇමරිකාවට ගෙන එන බව එෆ්.බී.අයි ආයතනය කියයි.
එදා මෙදා තුර වාර්තා වූ විශාලතම ළමා අපයෝජනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ ගබඩාව මොහු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි කියැවේ.මෙම අයර්ලන්ත ජාතිකයා කර ඇත්තේ තමන් සන්තකයේ ඇති ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම බව එෆ්.බී.අයි ආයතනය කියයි. එමගින් ඔහු විශාල මුදලක්ද උපයාගෙන ඇති බව සදහන්ය.
මෙම පුද්ගලයා අන්තර්ජාලයේ ගනුදෙනු සිදුකර ඇත්තේ විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන්ය.සාමාන්‍ය අවස්ථාවකදී නම් අන්තර්ජාලය සරන්නෙකු සිටිනා ස්ථානය සොයාගැනීමේ හැකියාව අදාළ අන්තර්ජාල සේවා සපයන ආයතනයට ඇත. නමුත් මෙම මෘදුකාංගය භාවිතා කරන්නෙකු හට අන්තර්ජාලයේ සියල්ලන්ගෙන් සැගැවී ‘‘අදිසි‘‘ ව සිටිය හැකියි.
මෙසේ අදිසිව සිටියද අන්තර්ජාලයේ එක් වෙබ් අඩවියක සිදුවෙමින් පැවැති සැකකටයුතු ගනුදෙනු නිසාවෙන් ඒ ගැන පරීක්ෂණ කරමින් සිටියදී මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකිව තිබේ. ළමා අපයෝජන කි‍්‍රයාවලට ආධාර අනුබල දුන්නේයැයි අයර්ලන්ත මහාධිකරණයේ මොහුට එරෙහිව නඩු පවරාද ඇත. ලොව පිළිලයක් සේ පැතිර යන ළමා අපයෝජනයන් මැඩපැවැත්වීමේ මෙහෙයුමට මෙම පුද්ගලයාගෙන් ලබාගන්නා තොරතුරුද යොදාගැනීමට එෆ්.බී.අයි ආයතනය අපේක්ෂා කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week